දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ජනපති හමු වෙති

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ජනපති හමු වෙති

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාදිපති අනුර කුමාර දිසිනායක හමු වූහ.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසනයේ දී වැඩිම පීඩාවට ලක් වූයේ දරිද්‍රතාවෙන් පෙළෙන ග්‍රාමීය ජනතාව බවත්, ග්‍රාමීය ජන ජීවිතය සමග සම්බන්ධ යටිතල පහසුකම් සහ ජීවනෝපායමාර්ග විශාල ලෙස බිඳ වැටුණු බවත් පෙන්වා, ඔවුන් ආරක්ෂා කර ගන්නා අතර යළි ජීවනෝපාමාර්ග සකස් කර දීම වෙනුවෙන් රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා එහි දී පැවසී ය.

සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන ආර්ථික ජයග්‍රහණ සැබෑ ලෙසම සාමාන්‍ය ජනතාව වෙත ගලා යෑමට සැලැස්වීම රජයේ අරමුණ බවත්, පාස්කු ප්‍රහාරය, පසුගිය ආර්ථික කඩා වැටීම ඇතුළු තත්ත්ව හමුවේ දිගුකලක් පීඩාවට පත් සාමාන්‍ය ජන ජීවිතය ගොඩනැගීම වෙනුවෙන් වූ වැඩසටහන් සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් රටේ ආර්ථිකය අඛණ්ඩව සහ ස්ථාවරව ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ බවත් මෙහි දී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් ජනතාවට සහන සැලසීමට, යටිතල පහසුකම් සංවර්ධනයට සහ ජන ජීවිතය යළි ගොඩනැඟීමට රජය ගත් කඩිනම් පියවර මෙහි දී ඇගයීමට ලක් වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ගිවිසුමෙහි කිසිදු වෙනසක් සිදු නොකර, අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ද මෙහිදී දෙපාර්ශ්වයේ එකඟතාව පළ කෙරිණි.

ජනාධිපති මාධ්‍ය අංශය

WhatsApp Image 2026 01 28 at 8.33.46 PM

WhatsApp Image 2026 01 28 at 8.33.59 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න