අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්තුවෙ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්තුවෙ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැතීමේ වගකීම විපක්ෂය පිට පැටවීමට රජය උත්සාහ කළ ද එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම නැවැත්වූයේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

දරුවන් ගේ මෙන් ම දෙමාපියන් ගේ බලාපොරොත්තු සුන් වෙලා

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ තුළ 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම නිසා දරුවන් විශාල පිරිසක් අසරණ වෙලා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැතීමේ වගකීම විපක්ෂය පිට පැටවීමට රජය උත්සාහ කළත් එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම නැවැත්වූයේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය යි. මේ අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත දෙමාපියන්, දරුවන් 6 වසරේ ප්‍රතිසංස්කරණ අපේක්ෂාවෙන් සිටියත් රජය එය කල් දැමීම නිසා මොවුන් ගේ බලාපොරොත්තු සුන් වෙලා.

නිවැරැදි ප්‍රතිසංස්කරණයකට අපිත් කැමතියි

එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡා කර අසභ්‍ය දේවල් ඉවත් කර නැවත වරක් කඩිනමින් නිවැරදිව මේ වසරේම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න. එසේම අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන ප්‍රවීණයන් සිටිනවා; මේ අය සමග සාකච්ඡා කර ප්‍රගතිශීලි තීන්දුවක් ගන්නා ලෙස යෝජනා කරනවා. විධිමත් සාකච්ඡාවක් සිදු කරන්නේ නම් විපක්ෂයේ ද අදහස් ඉදිරිපත් කිරීමට කැමති යි. මේ ප්‍රතිසංස්කරණ නිවැරදි ලෙස ක්‍රියාත්මක කරන්න සහයෝගය ලබා දීමට කැමති යි.''

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න