''Who is lasantha? රාජ්‍ය අපරාධකාරිත්වයේ අක්මුල් සොයා...'' ගන්න 27වන දා කොළඹ මහජන පුස්තකාලයට එන්න

''Who is lasantha? රාජ්‍ය අපරාධකාරිත්වයේ අක්මුල් සොයා...'' ගන්න 27වන දා කොළඹ මහජන පුස්තකාලයට එන්න

මීට වසර 17කට පෙර ඝාතනයට ලක් කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ඔබට යළි මුණගස්වන්නට සූදානම් යැයි ලාංකීය ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රධානතම වෘත්තීය සංගමය වූ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි. ඒ, මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් රචිත ''Who is Lasantha? රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා'' කෘතිය ජනගත කිරීමෙනි.

මෙම කෘතිය ජනගත කිරීම එළඹෙන 27වෙනි දා, සවස 3.00ට කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැත් වේ.

එම අවස්ථාවේ දී: ගාමිණි වියන්ගොඩ, ආචාර්ය දීපිකා උඩගම, ලසන්ත රුහුණගේ, අමිර්තනායගම්නික්සෝන්, සහ කුමාර අලගියවන්න යන අය ලසන්ත වික්‍රමතුංග පිළිබඳ ආවර්ජනය කරන්නට සූදානමින් සිටිති.

ඉතිහාසයේ එක් අන්ධකාර පරිච්ඡේදයකුත්, සමස්ත අදහස් මර්දනයේ හා දණඩ මුක්තියේ නිරුවතත්, වසර 17කට පසු ලසන්ත වික්‍රමතුංග නම් ඒ සංඛේතීය මිනිසාත් සමගින් සම්මුඛ වීමට ඔබ සියල්ලන්ට මෙයින් ආරාධනා කර සිටිමු!

සනත් බාලසූරිය

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න