වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය අද (23) වියට්නාම් අග නගරය වන හැනෝයිහි පිහිටි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ දී (National Convention Center - Hanoi) අති සාර්ථක ලෙස පැවැත්විණි. අගමැති ෆම් මින් චින් (Pham Minh Chinh) මෙම සමුළුවේ මුලසුන දැරී ය.

මෙහි දී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට සභිකයින් 19 දෙනෙකු තෝරා පත් කළ අතර පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් තනතුරට ටෝ ලැම් (To Lam) සහෝදරයා නැවතත් නිතරගයෙන් තේරී පත්වී තිබේ.

මෙම සමුළුවට ආරාධිතයින් ලෙස පක්ෂයේ හිටපු නායකයින්, වියට්නාම් පියවරුන් ගේ පෙරමුණේ හිටපු නායකයින්, වියට්නාම් වීර මාතාවන් ගේ නියෝජිතයින්, පක්ෂ මධ්‍යමකාරක සභාවේ හිටපු නායකයින්, විද්වතුන්, කලාකරුවන්, ආගමික නායකයින්, තරුණ සංවිධාන නායකයින්, තානාපතිවරුන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින්, විදේශ රටවල ආරාධිත අමුත්තන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙම සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 58ක්, ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන 11ක්, පුද්ගලයින් 62ක්, විදේශීය සහ දේශීය සංවිධාන 120ක් සහ විදේශීය වියට්නාම සංගම් 88ක් ඇතුළුව සුබ පැතුම් පණිවිඩ 339ක් ලැබී තිබිණි.

viyatnam

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න