ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් පසුගිය අයවැය තුළ අන්තර්ගත නොවීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුළ බරපතළ නොසන්සුන්තාවක් සහ විරෝධතාවක් ඇති වූයේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කරමින් සෞඛ්‍ය පද්ධතියේ සහ වෛද්‍යවරුන් ගේ ගැටලු විසඳීම සඳහා වන එකඟතා ක්‍රියාත්මක කිරීමට දින 10 ක කාලයක් ලබා දුන් අතර එය එසේ නොවන්නේ නම්, 2026.01.23 වැනි දින සිට ආරම්භ වන පරිදි දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට විධායක කමිටුව ඒකමතිකව තීරණය කර ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් එම නිවේදනයේ සඳහන් වේ.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.


