'Free Lawyers' සංවිධානය නීතිපති දිරිගන්වයි

'Free Lawyers' සංවිධානය නීතිපති දිරිගන්වයි

සමාජ මාධ්‍ය ඔස්සේ නිතිපතිවරයාට සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කරගෙන සංවිධානාත්මකව අසත්‍ය, අපහාසකාරී හා වෛරයෙන් යුත් content දිගින් දිගටම පළ කිරීම් සිදුවන බව තම සංවිධානය නිරීක්ෂණය කර ඇති බවත්, එවැනි අසත්‍ය සහ උපක්‍රමශීලී ලෙස විකෘති කළ තොරතුරු ජනතාව අතර පැතිරවීම මගින් වෛරය සහ සමාජ ගෞරවයට හානි කිරීම ඔවුන්ගේ පුරුද්දක් බවත් Free Lawyers සංවිධානය පෙන්වා දෙයි.

එම සංවිධානය මෙම කරුණු දැක්වූයේ නීතිපතිවරයාට ඉල්ලා අස්වන්නැයි කෙරෙන බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (21) නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණි අවස්තාවේ දී ය.

මතු පළ වන්නේ එම අවස්ථාවේ දී Free Lawyers සංවිධානයේ සාමාජිකයින් නිතිපතිවරයා වෙත දන්වා සිටි කරුණු ය.

සමාජ මාධ්‍ය ඔස්සේ ඔබතුමා හා නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කරගෙන සංවිධානාත්මකව අසත්‍ය, අපහාසකාරී හා වෛරයෙන් යුත් content දිගින් දිගටම පළ කිරීම් සිදුවන බව අප සංවිධානය නිරීක්ෂණය කර ඇත. එවැනි අසත්‍ය හා උපක්‍රමශීලී ලෙස විකෘති කළ තොරතුරු ජනතාව අතර පැතිරවීම මගින් වෛරය හා සමාජ ගෞරවයට හානි කිරීම ඔවුන්ගේ පුරුද්දකි. විදේශගත ජනමාධ්‍යවේදීන් පිරිසක් මෙන්ම මෙරට යූටියුබ් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද මෙම ක්‍රියාවලට සක්‍රීයව දායක වෙමින් සිටිති.

නීතිපති දෙපාර්තමේන්තුව විනාශ කර දේශපාලනික හෝ පුද්ගලික අරමුණු මත පදනම්ව එය භාවිතා කිරීමට යම් පිරිසක් උත්සාහ කරන බවක් පෙනේ. විමර්ශකයකු ගේ කාර්යභාරය හා පැමිණිලිකරුවකු ගේ භූමිකාව අතර ඇති වෙනස පිළිබඳ අවබෝධයක් නොමැතිව සිදුකරන මෙම ප්‍රචාර මගින් නීතිපතිතුමා ගේ ගෞරවයට පමණක් නොව, දෙපාර්තමේන්තුවේ අපක්ෂපාතී භාවයට දැඩි තර්ජනයක් එල්ල වේ.

මෙයට පෙර ද අවස්ථා කිහිපයක දී මෙම පිරිස විනිසුරුවරුන් හා අධිකරණ සේවයේ කාර්යමණ්ඩලයට එවැනි බලපෑම් එල්ල කර ඇත. කිසිදු බලපෑමකට යටත් නොවී, නිදහස්ව හා ගෞරවනීය ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සැමවිටම ක්‍රියා කර ඇති බවත්, එය ජනප්‍රියවාදයට යට නොවී සාක්ෂි හා නීතිමය ක්‍රියාවලි අනුගමනය කළ යුතු බවත් අපගේ දැඩි විශ්වාසය යි.

ඔබතුමා ගේ කාර්යභාරය නිදහස්ව හා සියලු බලපෑම්වලින් තොරව සිදුකර ගැනීමට අප සංවිධානයේ පූර්ණ සහයෝගය හා සහාය පළ කරන අතර, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ දී තවදුරටත් අපක්ෂපාතීව කටයුතු කිරීමට ශක්තිය, ධෛර්යය හා ආශිර්වාදය පතමු...!

මෙම අවස්ථාවට ජනාධිපිති නීතිඥවරැන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් සහභාගි වූහ.

Free Lawyers

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න