මාළිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයේ රාජකාරිය ආවරණ කරන පුද්ගලයා ගේ විනය විරෝධී සහ විෂමාචාරී ක්‍රියාවල එරෙහිව මෙම
වර්ජනය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන අතර සංගමය විසින් ඉල්ලා සිටියේ එම විෂමාචාරි ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන විධිමත් පරීක්ෂණයක් කරන්නේ නම් එම පුද්ගලයා දැනට දරන තනතුරුවලින් සහ රෝහලෙන් තාවකාලිකව ඉවත් කිරීමෙන් අනතුරුව සිදු කරන ලෙස යි.
පොදු දේපළ පනත යන පනත් උල්ලංඝනය කරලා
මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග අද (20) දහවල් 12 ට සාකච්ඡාවක් පැවැති අතර එම සාකච්ඡාවට සම්බන්ධ වූ සියලු නිලධාරින් මෙම නීති විරෝධී හැසිරීම ගැටලු සහගත බව පිළිගත් නමුත් ගැටලුවට මැදිහත් වූ පුද්ගලයා විමර්ශනය සිදු කරන කාලය තුළ එම තනතුරුවලින් තාවකාලිකව ඉවත් කිරීමට තීරණයක් ගැනීමේ බලය ඔවුන් සතුව නොමැති බවත් ඒ පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡා කළ යුතු බවයි. කෙසේ නමුත් ඉහත කී පුද්ගලයා විසින් වෛද්‍ය ආඥා පනත, විකිරණ ආරක්ෂණ පනත සහ පොදු දේපළ පනත යන පනත් උල්ලංඝනය කර ඇති අතර රාජ්‍ය සේවය අපකීර්තියට ලක්වන ආකාරයෙන් කටයුතු කර ඇත.
නිලධාරීන් හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය
මෙලෙස විශාල වැරදි ප්‍රමාණයක් සිදු කළ පුද්ගලයකුට එරෙහිව කටයුතු කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන අතර තවදුරටත් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා නොදීම හේතුවෙන් හෙට (21) දිනයේ පැවැත්වීමට නියමිත වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ඒ ආකාරයෙන් පැවත්වීමට තාක්ෂණවේදීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කළේ ය. අද දිනය තුළ මෙම ගැටලුව විසඳීමට අවශ්‍යය ලිඛිත එකඟතා ලබා දුනහොත් රෝගීන්ට සිදුවෙන අපහසුතාවය සලකා වර්ජන ක්‍රියාමාර්ගය පිළිබඳව සලකා බැලිය හැකි බව තවදුරටත් සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇත.
චානක ධර්මවික්‍රම - සභාපති, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

