ආණ්ඩුව කියන කියන වේලාවට විශ්වාසභංග ගෙන ඒමට විපක්ෂය සුදානම් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු මේ අදහස් පළ කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී ය.
''විශ්වාසභංගයක් ගෙන ආ යුතු, ඉදිරිපත් කළ යුතු, ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු කාර්යපටිපාටිය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. විශ්වාසභංගය ගෙන ආ යුතු: කාලය, ස්ථානය, වේලාව තීන්දු කරන්නේ විපක්ෂය මිස ආණ්ඩුව නෙවෙයි. ආණ්ඩුව කියන කියන වේලාවට විශ්වාසභංග ගෙන එන්න අපි සුදානම් නෑ. විශ්වාසභංග යෝජනාව: නිසි ලෙස, නිසි කලට, නියමිත අත්සන් සමග ඉදිරිපත් කරන්නම්. පුළුවන් නම් දින තුනක අධ්‍යාපන විවාදය හෙට ම ආරම්භ කරන ලෙස නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රමුඛ රජයට අභියෝගය කරනවා. ඒ වගේ ම දිට්වා සුළි කුණාටුව ගැන, රජයේ අකාර්යක්ෂමතාව ගැන විවාදයට සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන විවාදයටත් විපක්ෂය සුදානම්.''

