අධ්‍යාපනය සේ ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ය මූලික අයිතිවාසිකමක් බවට පත් කළ යුතු ම යි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අධ්‍යාපනය සේ ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ය මූලික අයිතිවාසිකමක් බවට පත් කළ යුතු ම යි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අප රට උත්තරීතර නීතිය තුළ ප්‍රධාන හා මුලික අයිතිවාසිකම් ලෙස සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ඇතුළත් වුවත් නිදහස් හා නොමිලේ සෞඛ්‍ය සේවාවත් මූලික අයිතිවාසිකම් බවට පත් විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසි ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී ''නිදහස් සෞඛ්‍ය මූලික අයිතියකි; නිදහස් සෞඛ්‍ය රැකගනිමු'' යන තේමාව යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් පාර්ශ්ව සමඟ පැවැති හමුවක දී ය.

එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළ මට්ටමක පවතිනවා

''දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි පරිච්ඡේදය හරහා සෞඛ්‍ය හා අධ්‍යාපනය ගැන සඳහන් වුවත් ඒවා උල්ලංඝනය වුවහොත් අධිකරණයේ සහාය පැතිය නොහැකි යි. එබැවින් සෞඛ්‍ය සහ අධ්‍යාපනයට ලබා දී ඇති නුසුදුසුකම ඉවත් කර මූලික අයිතිවාසිකම් ලෙස සවිබල ගැන්විය යුතු යි. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය තුළ සංවරණ හා තුලන තුළ නෛතික ව්‍යූහය තුළ නිදහස් සෞඛ්‍ය මූලික අයිතිවාසිකම් බවට පත්වන විට ජනතාවගේ මූලික අයිතිවාසිකම් ලෙස සෞඛ්‍ය සුරැකෙනවා. ප්‍රධාන දර්ශක හරහා අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළ මට්ටමක ඇති බව පෙන්වා දෙනවා. ආයු අපේක්ෂාව මාතෘ මරණ මරණ අනුපාතය සජීවී උපත් ලක්ෂයකට 25.3ත් ළමා මරණ අනුපාතය සජීවි උපත් 1000කට 6ක් බවත් මේ දර්ශක තුළ රටක් ලෙස ඉහළ මට්ටමක ඇති බවට පෙන්වන තවත් දර්ශක ගණනාවක් පවතිනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් විය යුතු යි

අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලෝකයේ ගෞරවයට පාත්‍ර වුවත් අද වන විට ගැටලු රැසක් ඇති පවතිනවා. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රමාණවත් මුදලක් වෙන් නොවීම, බෝ නොවන කේන්ද්‍රීයව ගැටලු රැසක් නිර්මාණය වීම, ඉදිරි වසර 25 තුළ වයස 60 වැඩිප්‍රමාණය දෙගුණයකින් වර්ධනය වීම, 50%කම සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීම යන ගැටලු ද සෞඛ්‍ය වියදම්වලින් 38-40%ක් අතින් වියදම් කරන්න සිදුවීම බරපතළ ගැටලුවක් වන විට බුද්ධි ගලනය ඇතුළු මානව සම්පත් ගැටලු ද පවතිනවා. සේවා ආවරණය පැත්තෙන් අප සිටින්නේ 67 වැනි ස්ථානයේ. මූල්‍ය අගහිඟතා නිසා සමාජ ආරක්ෂණය නොලැබී යාම සිදුවනවා. තිරසර සංවර්ධන ඉලක්ක සමග සංසන්දනය කරන විට බරපතළ ඌනතා ගැටලු පවතිනවා. ආයු අපේක්ෂාව 76.9ක සාමාන්‍යක් ඇති නමුත් සමහර රටවල් අප අභිභවා ගොස් තිබෙනවා. ජාත්‍යන්තර ආයු අපේක්ෂා ශ්‍රේණිගත කිරීම්වලින් 2020 සිට පහළ බැස ඇති නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විශේෂිත සැලකිල්ලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ව හරහා දැක්විය යුතු යි. අන්ත ලිබරල්වාදී ක්‍රමයක් සහිත මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමානයට ගැළපෙන්නෙ නෑ. ලෝකය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආදිය වෙනස් වන නිසා අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් විය යුතු යි. අධ්‍යාපන්‍ය මෙන්ම සෞඛ්‍ය ද මූලික අයිතිවාසිකම් බවට පත් විය යුතු යි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න