2026 දි බිලියන 2,402 ක බදු ඉලක්කයක්

2026 දි බිලියන 2,402 ක බදු ඉලක්කයක්

2026 මූල්‍ය වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) වෙත රුපියල් බිලියන 2,402 ක ආදායම් ඉලක්කයක් ලබා දී ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නන්දන කුමාර ප්‍රකාශ කරයි.

දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය සහ අනාගත උපායමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා රේගුව සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම හරහා මෙම අභියෝගාත්මක ඉලක්කය සපුරා ගත හැකි බවට තමා විශ්වාස කරන බවයි.

 බදු අනුකූලතාව සහ ආදායම් එකතු කිරීම ශක්තිමත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ විගණන මෙහෙයුම් සිදු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා එළඹින.

''මේක කරන්න යන්නේ වැඩිදියුණු කළ දත්ත හුවමාරුව සහ සම්බන්ධීකරණ විගණන ප්‍රධාන භූමිකාවක් ඇතුලේ '' යයි ද ඔහු පවසයි.

''2025 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමන්ට ලබා දුන් ඉලක්කය ඉක්මවා ගිහිල්ලා''

පසුගිය වසරේ ඉලක්කය රුපියල් බිලියන 2,202 ක් වූනත්, දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 2,244 ක් උපයලා.. මෙය බලාපොරොත්තු වූවාට වඩා රුපියල් බිලියන 42 ක වැඩිවීමකි.

මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් වසරක් තුළ වාර්තා කරන ලද ඉහළම වාර්ෂික ආදායමයි.

මේ වන විට පුද්ගලයන් මිලියන 12 ක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) නිකුත් කර ඇත. බදු පදනම පුළුල් කිරීමේ අරමුණින් අනාගතයේදී මෙම දත්ත ගබඩාව මිලියන 17 දක්වා ඉහළ නැංවීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න