රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ  සංගමය සංකේත වැඩ වර්ජනයක

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ  සංගමය සංකේත වැඩ වර්ජනයක

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ  සංගමය ජනවාරි 21වෙනි උදෑසන 8 සිට 22 වෙනිදා උදෑසන 8 දක්වා පැය 24 සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව මේ වන වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

ජනවාරි 06 සහ 12 වෙනිදා යන අවස්ථා දෙකක දී මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දැනුම්දීම් සිදු කර ඇතත් මේ වන තෙක් අදාළ ගැටලුවට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගය සිදුකිරීමට සිදුවන බව සංගමය ප්‍රකාශ කර සිටියි.

රෝහල් 140ක පමණ කටයුතු අඩාළ වේවි

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් සියලු විකිරණ පරීක්ෂණ සේවා, සීටී ස්කෑන් පරීක්‍ෂණ, MRI ස්කෑන් පරීක්‍ෂණ, මැමෝග්‍රෑම් පරීක්ෂණ, ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණසේවා, විකිරණ භාවිතයෙන් සිදුවන ශල්‍යාගාර සැත්කම් සේවා සියල්ල අඩාළ වීමට නියමිතව ඇත. දිවයින පුරා රෝහල් 140 කට ආසන්න ප්‍රමාණයක මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන අතර මහරගම අපේක්ෂා රෝහල ඇතුළු පිළිකා ප්‍රතිකාර ඒකක, රිජ්වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල, ද සොයිසා  කාන්තා රෝහල යන රෝහල් පමණක් වර්ජන ක්‍රියාමාර්ගයට සහභාගී කරවා නොගැනීමට තීරණය කර ඇත.

වර්ජනයට හේතුව

මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුරයෙහි රාජකාරී ආවරණය කරන පුද්ගලයා ගේ නීති විරෝධී සහ විෂමාචාරී හැසිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතීය පරීක්ෂණයක් එම පුද්ගලයා එම රෝහලෙන් සහ තනතුරෙන් තාවකාලිකව ඉවත්කොට සිදු කළ යුතු වුවත් තවමත් ඉහත කී පුද්ගලයා එම තනතුරුවල ම හිඳිමින් පරීක්ෂණයේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරන තත්ත්වයක් උදාවී ඇත. මෙවැනි තත්ත්වයක් තුළ සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙවැනි විනය විරෝධී ආකාරයෙන් හැසිරෙන පුද්ගලයින් ආරක්ෂා කිරීම කණගාටුවට කරුණක් වී ඇත. මෙම පුද්ගලයා ගේ මෙවැනි හැසිරීම් සම්බන්ධයෙන් 2024 සහ 2025 වර්ෂවල අවස්ථා දෙකක දී සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කර ඇතත් ඒ  පිළිබඳව ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වෙන තෙක් නොගැනීම ද මෙම පක්ෂග්‍රාහී හැසිරීමට හොඳම උදාහරණ වී ඇත.

මෙම ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය ඇමතිවරයා ගේ මැදිහත්වීම අපේක්‍ෂා කරන අතර ගැටලුව විසඳීමට මැදිහත් නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවනු ඇත. වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීන්ට වන අපහසුතාවය සම්බන්ධයෙන් සියලු වගකීම් මෙම ගැටලුව විසඳීමට මැදිහත් නොවන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් භාරගත යුතු බව සංගමය ප්‍රකාශ කර සිටියි.

 

චානක ධර්මවික්‍රම - සභාපති  රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න