නන්දන ගුණතිලක දිවි සැරිය නිම කරයි

නන්දන ගුණතිලක දිවි සැරිය නිම කරයි

ජනතා විමුක්ති පෙරමුණෙහි හිටපු දේශපාලන මණ්ඩල සභිකයකු මෙන්ම 1999 ජවිපෙ ජනාධිපතිවරණ අපේක්ෂක වූ නන්දන ගුණතිලක අභාවප්‍රාත් වී ඇත.

නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සාමාජිකයකු සහ 1994 වසරේ එහි ජනාධිපති අපේක්ෂකයා පමණක් නොව, 88-89 අවධියේ ජවිපෙ සන්නද්ධ අංශ නායකයකු ලෙස ද ප්‍රසිද්ධව තිබිණ.


ඔහු, ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට අයත් නොවන බෝල්ෂෙවික් පක්ෂයේ ද ප්‍රබල භූමිකාවක් දරා ඇති බව නොරහසකි. නමුත් පසුව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ගෙන ඒම සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක යෙදුණු ඔහු 2004 ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා සන්ධානයට සම්බන්ධ වූයේ එහි සභාපති පදවිය ද හිමි කර ගනිමිනි.

අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ සමග ඇති කර ගත් මත ගැටුමක් මත් ඉන් ඉවත් වූ ඔහු 2008 මැයි 14 වන දා පිහිට වූ ජාතික නිදහස් පෙරමුණට එක් විය. ඉනික්බිතිව 2015 වසරේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වන නන්දන ගුණතිලක එක්සත් ජනතා සන්ධාන රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස සහ ඉකුත් යහපාලන රජය යටතේ පානදුර නගරාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය.

ඉතිහාසයේ තමන් කළ වැරැදිවලට දඬුවම දෙන්නැයි ප්‍රසිද්ධියේ පැවසූ දේශපාඥයෙක් වේ නම් ඒ නන්දන ගුණතිලක බව ද අප අමතක කළ යුතු නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න