මහජන විරෝධය හමුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට රජය ගත් තීරණය, රටේ දරු පරපුරේ යහපත උදෙසා ගත් වැදගත් පියවරක් වුවද එය ආණ්ඩුවේ “අදූරදර්ශී ක්‍රියාකලාපය හා උද්දච්චකම” මනාව පිළිඹිබු කරන ප්‍රබලම සාක්ෂියක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
මෙම ප්‍රතිසංස්කරණ තුළ නිදහස් අධ්‍යාපනය මරණයට ඇද දමන සහ පෞද්ගලික පාසැල් ප්‍රවර්ධනය කරන ලක්ෂණ අන්තර්ගත වූ බැවින් විද්වතුන්, සිවිල් සංවිධාන, ආගමික නායකයින් සහ දේශපාලන පක්ෂ මීට දැඩි විරෝධයක් එල්ල කළ බවත්, විචාර බුද්ධියක් ඇති ආණ්ඩුවක් නම් මෙවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පෙර එහි ඇති අනර්ථය වටහාගත යුතුව තිබූ බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.






