ජනපති සහ අගමැතිනිය ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් හමු වෙති

ජනපති සහ අගමැතිනිය ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් හමු වෙති

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (13) ජනාධිපති කාර්යාලයේදී ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ඡාවක් පැවැත්වූහ.

මෙහි දී රජය ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් දැනුවත් කරමින්, පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන බවත්, මොඩියුල සකස් කිරීමේ දී පවතින ගැටලු, ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය සහ තාක්ෂණික ගැටලු මගහරවා ගනිමින් 06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම 2027 වසරේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බවට තීරණය කෙරිණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිගන්නා බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී රජය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කළහ. අන්තර් පළාත් ගුරු මාරු, උසස්වීම්, වැටුප් විෂමතා සහ විදුහල්පති සේවයේ පවතින ගැටලු පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.guru ak

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න