මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව සිටින ජූලි චන්ග්, ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූවා ය.
එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා, ජූලි චන්ග් සිය ධුර කාලය තුළ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ අඛණ්ඩ උත්සාහය පැසසුමට ලක් කළේ ය.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජනපදය සමග සම්බන්ධ වෙමින් ඇය ඉටු කළ කාර්යභාරය වෙනුවෙන් ද මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත් වූ සාකච්ඡාවල දී ඇය ලබා දුන් සුවිශේෂී සහාය ද ඇගයීමට ලක් කළේ ය.
2022 පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස පත්ව මෙරටට පැමිණි ජූලි චන්ග් ගේ සිවු වසරක ධුර කාලය තුළ, ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය ඇතුළු දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථාන කිහිපයක් ද සලකුණු විය.
ජනාධිපති මාධ්‍ය අංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
