චීන විදේශ ඇමති, ඇමති විජිත සමග එක්ව ලංකාවේ ස්වභාවික සෞන්දර්ය නරඹයි

චීන විදේශ ඇමති, ඇමති විජිත සමග එක්ව ලංකාවේ ස්වභාවික සෞන්දර්ය නරඹයි

අප්‍රිකානු රටවල් කිහිපයක සිය සංචාරය අවසන් කර අද (12) අලුයම ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සඳහා පැමිණි චීන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Wang Yi අමාත්‍ය විජිත හේරත් මුණ ගැසුණේ ය.

Wang Yi අමාත්‍යවරයා, අමාත්‍ය විජිත හේරත් සමග ස්වභාව සෞන්ධර්යය නැරඹීම සඳහා කෙටි නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූවේ ය. තමා ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්ධර්යයට දැඩිව ඇලුම් කරන බව ද මෙම කෙටි සංචාරය ශ්‍රී ලංකාව සංචාරය කිරීමට වඩාත් සුරක්ෂිත රටක් යන පණිවුඩය ලබා දෙන බව ද Wang Yi අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මීට අමතරව විදේශ අමාත්‍යවරුන් දෙපළ අතර නිල සාකච්ඡාක් ද පැවැත්විණි. එම සාකච්ඡාවෙන් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විශේෂ ගුවන් යානයකින් බීජිං බලා පිටව ගියහ.

අනතුරුව අමාත්‍ය විජිත හේරත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් ද නිකුත් කළේ ය.

සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත්

''අද උදෑසන (12/01/26) මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය Wang Yi මහතා ශ්‍රී ලංකාවේ කළ කෙටි සංචාරය අතරතුර හමුවීමට ලැබීම පිළිබඳව සතුටු වෙමි. අමාත්‍ය Wang Yi මහතා පිළිගනිමින්, දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දුන් හදිසි ආපදා සහන වෙනුවෙන් චීන රජයට සහ ජනතාවට මගේ අවංක කෘතඥතාව පළ කළෙමි. අප අතර පවත්වනු ලැබූ සාකච්ඡාවේ දී වෙළඳ හා ආයෝජන, සංවර්ධන සහයෝගීතාව සහ සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු විය. විශේෂයෙන් දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම ක්‍රියාවලිය කෙරෙහි ද සාකච්ඡාවේ අවධානය යොමු විය.

චීන රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව නැවත තහවුරු කළා

ස්වභාවික ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක් වූ හඳුනාගත් මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීන රජයේ සහාය විශේෂයෙන් ඉල්ලා සිටි අතර, අමාත්‍ය Wang Yi මහතා එම ඉල්ලීමට පෞද්ගලිකව මැදිහත් වන බවට සහතික වූයේ ය. ශ්‍රී ලංකාව ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිවැරදි මාවතේ ගමන් කරන බව විශ්වාසය පළ කළ හැකි බවත් ඒ සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් නැවත තහවුරු කළේ ය.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න