අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මහා විනාශයක් කර නිදහස් අධ්‍යාපනය අමු අමුවේ සමුල ඝාතනයට ලක් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු ඊයේ (13) මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සමග කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්දයෙන් අදහස් පළ කරමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ප්‍රතිසංස්කරණ සිදු කර තිබෙන්නෙ වැරැදි විදියට
''පොලිස්පතිවරයා පැහැදිලිව චක්‍රලේඛයක් හරහා යම් අයකු ප්‍රශ්න කරන්න කටයුතු කරන විට ඒ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දීමත් එයට අදාළ හේතු කරුණා කාරණා ආදිය දැනුවත් කළ යුතු බවත්, මේ සියල්ල ලිඛිතව ලබා දිය යුතු වුව ද ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා සී.අයි.ඩී. වෙත කැදවා ඇත්තේ එවැනි ලිඛිත දැනුම් දීමකින් තොරව යි. වාචික දුරකතන ඇමතුමක් හරහා දුන් දැනුම් දීමක් මතයි පැමිණ පැමිණ තිබෙන්නේ. ලිඛිතව දිය යුතු දෙයක් වාචිකව ප්‍රකාශ කර තිබෙනවා. අපි අනුමාන කරන ආකාරයට ප්‍රසාද් සිරිවර්ධන මහතා කැදවා ඇත්තේ අධ්‍යාපනයට සම්බන්ධ කරුණක් ගැන දැන ගැනීමට ද කියා සැක කරනවා. අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මහා විනාශයක් සිදු වෙලා. මේ වන විට නිදහස් අධ්‍යාපනය අමු අමුවේ සමුල ඝාතනයට ලක් කරලා. සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනයට නායකත්වය දුන්නේ බාධා රැසක් මැද. අධ්‍යාපනය හරහා නිර්මාණය වන සමාජ හා බුද්ධිමය ප්‍රාග්ධනය මේ හරහා එක හා සමානව භුක්ති විදින්න අවස්ථාව ලබා දුන්නත් මේ වන විට විධිමත් සාකච්ඡාමය ක්‍රියාදාමයකින් තොරව මේ පරිවර්තනාත්මක වෙනස්කම සිදුකර තිබෙනවා. මේ පරිවර්තනය සිදුව ඇත්තේ වැරදි පැත්තකට.
අපි විකල්ප අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයක් ගේනවා
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 41 ලක්ෂයක් දූදරුවන්ගේ අනාගතය විනාශ කරන දරදඩු තනි මතයට සාකච්ඡාවලින් තෙරව ක්‍රියාත්මක වූ දෙයක්. සමගි ජන බලවේගය විශ්වාස කරන ආකාරයට අධ්‍යාපනය යනු මූලික හා මානව අයිතිවාසිකමක්. අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඇතුළු සමාජ සුබසාධන අයිතීන් නිදහස් හා නොමිලේ ක්‍රියාත්මක විය යුතු යි. අප රට පවා නිදහස් සුබසාධන රාජ්‍යයක්. මේ සුබසාධන රාජ්‍ය වැදගත් අංගයක් වන අධ්‍යාපනය අමු අමුවේ විනාශ කර තිබෙනවා. එයට විරුද්ධව සමගි ජන බලවේගය සටන් කරනවා.
කාන්තාවන්ට මෙන්ම පුරවැසියන්ට ද දේශපාලන මතිමතාන්තර ඇති අයට පාරට බහින්න අයිතියක් තිබෙනවා. සමගි ජන බලවේගය විකල්ප අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයක් ගෙන එනවා. බදාද එය සිදු කරනවා. ආණ්ඩුව වැඩපිළිවෙළක් ආරම්භ කරන විට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සෘණාත්මකව නොසිතන නමුත් මේ අවස්ථාවේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සමගි ජන බලවේගය ද නව වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.
ජනපති ගේ ලොජික් එක
මෙරට ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සියලු ම ආගම් නියෝජනය කරන නායකයන් මෙන්ම බහුතරයක ගේ ආසාව වන්නේ අප රටේ උගත් බුද්ධිමත් සාක්ෂරතාවයෙන් ඉහළ සුචරිතවත් සුහුරු සිසු පරපුරක් තරුණ හා පුරවැසි පරපුරක් බිහි කිරීම යි. මේ යටතේ ගරුතර මහා සංඝරත්නය, වෘත්තීයවේදීන් දේශපාලනඥයන් මත පළ කරනවා. විපක්ෂය විරුද්ධ වුණේ නිදහස් අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීමට විරුද්ධව නිසා සමගි ජන බලවේගය ද අසභ්‍ය භාවිතයෙන් වැළකී සිටිනවා. මිහින්තලේ ස්වාමීන් වහන්සේ ජනහිතකාමී ජනතාවාදී ආගමට දහමට ළැදි අඅයෙක්. උන්වහන්සේ විවිධ අවස්ථාවල දී රටේ සුබසිද්ධිය උදෙසා අදහස් පළ කරනවා. උන් වහන්සේ වත්මන් ජනාධිපතිවරයාට පවා ගෞරව නාමයක් ලබා දුන්නා. උන් වහන්සේ අධ්‍යාපනය ගැන කතා කරද්දි නරක වෙන්නත් ගෞරව නාම දෙන විට හොඳ වෙන්නත් රජය පිළිගන්නා මතය කුමක්ද කියා සිතාගත නොහැකි යි.''

