මේ මොහොත වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතළ අඩුපාඩුකම් ඌනතා නිර්මාණය වී, විෂමාචාරී තැනට පත් වී, අධ්‍යාපනය තුළට අසභ්‍යකරණය එක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ කොලොන්න මැතිවරණ කොට්ඨාසයේ කොලොන්න මූලික රෝහලට රු. ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී Patient Monitor 5ක්, Syringe Pump 1 ක් සහ Infusion Pump 1 පරිත්‍යාග කළේ ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
පුද්ගලික රුචි අරුචිකම් පිළිබඳව කතා නොකළ යුතු යි
''අද රටේ ලොකු ම මාතෘකාව බවට අධ්‍යාපනය පත් වෙලා තියෙනවා. අධ්‍යාපනය රටේ ලොකුම මාතෘකාව විය යුත්තේ හොඳ තීන්දු තීරණ ගැනීමට අදාළව යි. අද මේ මොහොත වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල අඩුපාඩුකම් ඌනතා නිර්මාණය වී විෂමාචාරී තැනට අධ්‍යාපනය පත් වෙලා අධ්‍යාපනය තුළට අසභ්‍යකරණයත් එක් වෙලා. මේ අවස්ථාවේ වැදගත් වන්නේ අධ්‍යාපන අමාත්‍යවරියගේ හෝ අගමැතිනියගේ පෞද්ගලික රුචි අරුචිකම් හෝ හැසිරීම් හෝ පෞද්ගලික තීන්දු නෙවෙයි. ලක්ෂ 220 ජනතාවගේ පුද්ගලිකත්වය අනික් අයට අදාළ නැති වුවත් අද ඒවා ඉස්මතු කර අධ්‍යාපනයේ ඇති වැදගත් ගැටලුව යටපත් කරලා. එම නිසා කරුණාකර පුද්ගලික රුචි අරුචිකම් ගැන කතා නොකළ යුතු යි.
අධ්‍යාපන අමාත්‍යවරිය ප්‍රමුඛ රජය වගකිව යුතු යි
මේ ප්‍රතිසංස්කරණ තුළ විධිමත් සාකච්ඡාවක් සිදු නොකර power point presentation එකක් පමණක් සිදු කර ක්‍රියාත්මක කර බරපතළ ලෙස අසභ්‍යකරණයට ලක් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ 41 ලක්ෂයක් දුදරුවන්ගේ මනස විකෘති කරන දූෂණය කරන තැනට නිර්මාණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට විවේචනය පවතිනවා. ප්‍රතිසංස්කරණ සිදුවිය යුත්තේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය STEAM අධ්‍යාපනය ආශ්‍රිතව මෙන්ම ඉතිහාසය ඇතුළත් සමබර ක්‍රමවේදයක් හරහා යි. මේ විකෘතියට වගකිව යුතු අය පෙන්වා දිය යුතු යි. වගකීම මෙන්ම වගවීම ගැන කතා කළ යුතු වුවත් මේ අවස්ථාවේ පුද්ගලික ජීවිත කේන්ද්‍ර කර ගෙන අසභ්‍ය දේවල් කතා කරන අය සිටිනවා. මේ අසභ්‍ය දේවල් කතා කර මේ ප්‍රතිසංස්කරණ වෙනත් පැත්තකට ගෙන යාම නතර කළ යුතු යි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා විශාල කුමන්ත්‍රණයක් සිදුව ඇති නිසා මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරිය ප්‍රමුඛ රජය වගකිව යුතු යි.
විකෘතියට සැබැ ලෙස වගකිව යුතු අය හෙළිදරව් කරන්න
නිදහස් අධ්‍යාපනය ලබන 41 ලක්ෂයක් දූදරුවන් විකෘති කරන්න නිදහස් අධ්‍යාපනය අසභ්‍යකරණයට වගකිව යුතු අය කවුද කියා හෙළිදරව් කළ යුතු යි. මේවාට විධිමත් උත්තර ලබා දිය යුතු යි. නිලධාරීන් ගේ කරපිට වරද පටවා රජයට බේරීමට නොහැකි යි. මේ විකෘතියට සැබැ ලෙස වගකිව යුතු අය හෙළිදරව් කළ යුතු යි. එසේම මිනිසා ජීවත් කරවීම අරමුණු කර ගෙන හුස්ම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මෙහි ගරුත්වය සෑම සියලු දෙනාට ම හිමිවිය යුතු යි.''

