වෘත්තීය සහ ආධුනික ඡායාරූප ශිල්පීන්ට අමතරව - මහජනතාවට - , "දිට්වා" සඳහා ඡායාරූප ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය (PMD) ආරාධනා කරයි.
ඒ, ශ්‍රී ලංකාවේ ඓතිහාසික සිදුවීම දෘශ්‍ය වාර්තා ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා රාජ්‍ය වැඩ පිළිවෙළ යටතේ ඩිට්වා සුළි කුණාටුව සම්බධ දෘෂ්‍ය රූප එකතු කිරීම වෙනුවෙනි.
මෙම ජාතික දෘශ්‍ය වාර්තාව ව්‍යසනය පිළිබිඹු කරන රූප එකතු කිරීමෙන් ව්‍යසනය පිළිබඳ විශ්වසනීය සහ කල් පවතින දෘෂ්‍ය ලේඛනාගාරයක් ගොඩනැගීමට උත්සාහ කරයි. ඩිට්වා සුළි කුණාටුව අතරතුර සහ පසුව ප්‍රජාව කෙරෙහි බලපෑම, හදිසි ප්‍රතිචාර සහ මානුෂීය ආධාර, අවතැන්වීම්, ප්‍රතිසාධන උත්සාහ සහ ජීවිත සහ ජීවනෝපායන් නැවත ගොඩනැගීම සමග බැඳුණු ඡායාරූප මේ සඳහා අපේක්ෂා කෙරේ.
විශේෂ කමිටුවක් විසින් ඡායාරූප තෝරන ලබනු අතර, තෝරාගත් ඡායාරූප නිර්මාණත්මක අයිතිය පිළිබඳ ආයතනික සහ පුද්ගල හැඳින්වීම ද සමග සුළි ජාතික දෘශ්‍ය වාර්තාවට ඇතුළත් කෙරේ. මෙම ව්‍යාපෘතිය කොටස් තුනකින් යුක්ත ය. තෝරාගත් ඉදිරිපත් කිරීම් ජාතික ප්‍රදර්ශනයේ ප්‍රදර්ශනය කෙරෙන අතර, නිල ඡායාරූප පොතේ ඇතුළත් කර, ස්ථිර මාර්ගගත ජාතික ලේඛනාගාරයේ සංරක්ෂණය කරන අතර, නිර්මාණත්මක අයිතිය පිළිබඳ ආයතනික සහ පුද්ගල හැඳින්වීම ද සමග අදාළ දායක ගෞරවය ද හිමි වේ.
*ජාතික දෘශ්‍ය වාර්තා ප්‍රදර්ශනය
*මුද්‍රිත ඡායාරූප පොත් ප්‍රකාශනය
*වෙබ් ගැලරිය
ඩිට්වා සුළි කුණාටුව - ජාතික දෘශ්‍ය වාර්තා ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 2026 පෙබරවාරි 13 සිට 17 දක්වා කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ දී ය.
මහජන ඉදිරිපත් කිරීම් සඳහා අවසාන දිනය, 2026 ජනවාරි 12.
ඡායාරූප ඉදිරිපත් කලහැකි ක්‍රම.
*WhatsApp: +94 71 985 9461
*වෙබ් අඩවිය www.regeneration.gov.lk
*විද්‍යුත් තැපෑල:
*අතින් භාරදීම: ඡායාරූප දෙපාර්තමේන්තුව, ජනාධිපති මාධ්‍ය අංශය, 4 වන මහල, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් ගොඩනැගිල්ල, ජනාධිපති මාවත, කොළඹ 01
*මෙම QR කේතය ස්කෑන් කරන්න (1 වන ඇමුණුම)
සෑම ඡායාරූපයක් සමඟම ඇතුළත් කිරීමට නිර්දේශිත තොරතුරු නිවැරදිව ඇතුළත් කිරීම සඳහා, දායකයින් දිරිමත් කෙරේ. ඒ තොරතුරු මෙසේය;
*ඡායාරූප ශිල්පියාගේ නම
*ස්ථානය (දිස්ත්‍රික්කය/නගරය/ගම)
*දිනය (හෝ ආසන්න දිනය)
*රූපයේ දැක්වෙන දේ පිළිබඳ කෙටි විස්තරයක්
ජනාධිපති මාධ්‍ය අංශය සියලු ඡායාරූප ඉදිරිපත් කිරීමක දී ම, බලපෑමට ලක් වූ පුද්ගලයින්ට සහ ප්‍රජාවට ගරු කිරීම, විශේෂයෙන් ජීවිත අහිමි වීම, තුවාල වීම හෝ දරුවන් සම්බන්ධ රූපවල, සහ දායකයින් සඳහා මානව ගරුත්වය සහ වකීමක් සහිතව දෘශ්‍ය කතන්දර කීමට ප්‍රමුඛත්වය දීමට දිරිමත් කරයි.
අනුරුද්ධ ලොකුහපුආරච්චි - අධ්‍යක්ෂ (ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන)

