තිස්තුන් කෝටියක් දෙවියන්ටත් වඩා වැඩි මුදලක් සෞඛ්‍ය අංශයට දෙනවා යැයි පැවසූ ඇමති දැන් කෙඳිරි ගාන්නේ යැයි සර්වජන බලය ජාතික මෙහෙයුම් ප්‍රධානි මදුර විතානගේ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (07) පැවති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් මදුර විතානගේ පැවසුවේ නූතන අන්රේ ගේ කර මතින් ගල තැබූ බැවින් මාලිමාවට ඡන්දය දුන් ජනතාවට ස්තුතිවන්ත වන බවයි. එමෙන් ම ජනාධිපතිවරයා මරදානේ චොප්පේ මෙන් චණ්ඩිකමින් කතා කරන බවත්, පාපිසි ගෙනාවා සේ ම මැටි ගොඩක් අගමැති කරා යැයි අනාගතයේ දී ජනාධිපති කියනු ඇතැයි ද මදුර විතානගේ පැවසී ය.

