රජය ලබා දුන් එකඟතා ක්‍රියාත්මක නොකරන්නේ නම් යළි වෘත්තිය ක්‍රියා මාර්ග ගන්නවා - GMOA

රජය ලබා දුන් එකඟතා ක්‍රියාත්මක නොකරන්නේ නම් යළි වෘත්තිය ක්‍රියා මාර්ග ගන්නවා - GMOA

පසුගිය නොවැම්බර් මාසයේ දී ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය තුළ, මෙරට සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන් ගේ සැබෑ ගැටලු

හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් අන්තර්ගත නොවීම තුළ සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුළ බරපතළ නොසන්සුන්තාවයක් සහ විරෝධතාවයක් ඇති වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

එම සංගමය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

යට සඳහන් කළ කරුණු පාදක කරගනිමින් පසුගිය නොවැම්බර් මාසයේ දී ක්‍රියාත්මක කර, තාවකාලිකව අත්හිටුවන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාව නැවත ආරම්භ කිරීමටත්, ඊට අමතරව නව වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර ඇති බවත්, ගැටලු විසඳීම සඳහා රජය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සද්භාවයෙන් මැදිහත් නොවන්නේ නම් ඕනෑම මොහොතක දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට විධායක සභාවට බලය පැවරීමට මධ්‍යම කාරක සභාව විසින් තීරණය කළ බව ද රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය වැඩි දුරටත් අවධාරණය කරයි.

මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය (GMOA) විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න