වත්මන් අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරියගේ නායකත්වයෙන් “පුනරුද රජය” හඳුන්වා දී ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් මෙරට නිදහස් අධ්‍යාපන විනාශ කර, මේ රටේ නැති
බැරි අහිංසක බහුතර ජනතාව ගේ දරුවන්ට අධ්‍යාපනයෙන් ඉහළට එන්නට තිබෙන මාවත සහ එම අයිතිය අහුරා, අක්මුල් නැති ඉතිහාසයක්, සභ්‍යත්වයක් සදාචාරයක් නොදන්නා “බමුණු කුලයකට” අධ්‍යාපනයේ මංමාවත් විවර කරන භයානක සංශෝධන ඇතුළත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (07) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
එම අවස්ථාවේ දී විමල් වීරවංශ, අධ්‍යාපන සංශෝධනයේ මුවාවෙන් මේ රටට නොගැළපෙන අධ්‍යාපන පිළිවෙතක් හඳුන්වා දීමට කැස කවන වත්මන් අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරිය එම තනතුරින් පන්නා දැමීම සඳහා රජයට බලපෑම් කිරීමට, විපක්ෂයේ සියලුම පක්‍ෂ වාද භේද අමතක කර එක්වන ලෙසට ආරාධනයක් ද කළේ ය.
මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවේ දී විමල් වීරවංශ කළ සම්පූර්ණ ප්‍රකාශය යි.

