බියෙන් සැකෙන් තොරව කඩිනමින් සහන ලබා දීම හදිසි නීතිය ගෙන ආව ද මේ තුළ පාස්කු ප්‍රහාරය අවස්ථාවේ සහ අරගල සමයේ තිබු හදිසි මහජන පාලන රෙගුලාසි අඩංගු කරුණු ඇති බැවින් මෙය වහා සංශෝධනය විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (06) පාර්ලිමේන්තුවේ දී හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් වන විවාදයට එක්වෙමිනි.
එම විවාදයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
හදිසි අවස්ථා නියෝග ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බලන්න
මහජන ආරක්ෂක පනතේ රෙගුලාසි නිර්මාණය වූයේ පාස්කු ප්‍රහාරය සහ අරගල සමයේ ඇති වූ තත්ත්වය මත යි; ඒ තත්ත්වය දැන් ආපදා සඳහා ද ක්‍රියාත්මක කරන සූදානම් වෙනවා. නිශ්චිත තත්ත්වයක් මත හදිසි නීතිය දීර්ඝ කරන බවත් ආපදා තත්ත්වය තවමත් වෙනස් නැ කියල අගමැතිනිය කියනවා. මේ සුළි කුණාටුව වෙලාවේ රජය 2005 අංක 13 දරන ව්‍යවසන කළමනාකරණ පනත අනුව ව්‍යවසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ නැහැ. විපක්ෂය මේ ගැන කිව්වත් රජය ක්‍රියාත්මක නොකළ නිසා මේ හදිසි තත්ත්වය හමුවේ ජනතාවට සහන සලසන්න හදිසි නීති රෙගුලාසි සම්මත කරන්න විපක්ෂය එකග වුණා. මේ හදිසි අවස්ථා නියෝග ගැන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දී ඇති තීන්දුව බලන ලෙසට රජයෙන් ඉල්ලා සිටිනවා. පනවන රෙගුලාසි සහ අරමුණු සමානුපාතික විය යුතු වුවත් එය මෙහි නැහැ. පවතින නීතියෙන් හදිසි අවශ්‍යතා සම්බන්ධ විශේෂ කාර්යක් සිදු කිරීම, අත්‍යාසන්න අවස්ථාවල දී හදිසි තත්ත්වය ක්‍රියාත්මක කිරීමත් රාජ්‍ය බලය අවභාවිත කර මහජන පීඩාව නොකළ යුතු බවට එහි සඳහන් වෙනවා.
රෙගුලාසි වගන්තිවල සහනාධාර දෙන ආකාරය පැහැදිලි නැහැ
එම නිසා ජනතාවට සහන ලබා දෙන වගන්ති ක්‍රියාත්මක කළ යුතු යි. එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා නිකුත් කරන නිවේදනයක් අනුව මේ හදිසි ආපදා තත්ත්වය දෙසැම්බර් 15 අවසන් බවට ප්‍රකාශ කර තිබෙනවා. මේ අවස්ථාවේ විපතට පත් ජනතාවට සහන සලසන්න හදිසි නීති අවශ්‍ය වෙන්නෙ නැහැ. 2005 ව්‍යවසන කළමනාකරණ පනතේ මේවා හරියට සඳහන් වෙනවා. රු.25000, රු.50000 සහනාධාරය හෙක්ටයාරයකට දෙන මුදල්, ලක්ෂ 50, ලක්ෂ 25 සහනාධාරය ආදී වශයෙන් චක්‍රලේඛය හරහා දෙන සහන ඉදිරිපත් කර තිබෙනවා. මේ රෙගුලාසි වගන්තිවල මේ සහනාධාර දෙන ආකාරය පැහැදිලි නැහැ. හමුදා සාමාජිකයන්ට සෝදිසි කිරීම, මහජන කැලඹීම්, මහජන ආරක්ෂාවට බලපාන දැන්වීම් ඇලවීම, මහජන කැලඹිය හැකි ආකරයේ කටකතාවලට ගන්නා තීරණ ද තිබෙනවා. මේවා ආපදවට ගැළපෙන්නේ නැහැ.''

