පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව 2026 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම පරිදි තවත් මාස හයක (06) කාලසීමාවක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් මේ තීරණය ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න