රජය නිතර ම විපක්ෂයට දොස් පවරන්න උත්සාහ කරනවා - නාමල් රාජපක්ෂ

රජය නිතර ම විපක්ෂයට දොස් පවරන්න උත්සාහ කරනවා - නාමල් රාජපක්ෂ

රජය නිතර ම විපක්ෂයට දොස් පැවරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුර මිරිසවැටිය චෛත්‍යරජාණන් වහන්සේ වන්දනාමාන කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...

මිලියන පහක වන්දි මුදල ලක්ෂ පහ දක්වා අඩු වෙලා

''සැලසුම් කිරීමකින් තොරව ජනාධිපතිවරයා විසින් ලබා දුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකි වූ නිසා මහජනතාව කලකිරීමට පත් වෙලා. ජනාධිපතිවරයා තත්ත්වය නිසි ලෙස තක්සේරු නොකර හෝ අදාළ නිලධාරීන් ගෙන් උපදෙස් ලබා නොගෙන පීඩාවට පත් ජනතාව මුලා කිරීමට පොරොන්දු ලබා දුන්නා.

උදාහරණයක් ලෙස, ජනාධිපතිවරයා මුලින් නිවසක් අහිමි වූ පුද්ගලයෙකුට රුපියල් මිලියන 5 ක වන්දි මුදලක් ලබා දෙන බවට පොරොන්දු වුණා. තව තහඩුවක් ගියත් ලක්ෂ 10 දෙන බව කිව්වා. කෙසේ වෙතත්, දැන් ලැබෙන සැබෑ මුදල රුපියල් 500,000 ක් පමණ දක්වා අඩු කර තිබෙනවා. පොරොන්දු ඉටු කළ හැකිවන්නේ නිවැරදි තොරතුරු සහ අදාළ බලධාරීන් සමග සාකච්ඡා මත පදනම්ව ඔවුන් ගේ උපදෙස් පරිදි කටයුතු කළොත් විතරයි.

ජනාධිපතිවරයාගේ සමහර ප්‍රකාශ නිසි පදනමක් නොමැතිව සිදු කරන ඒවා. ප්‍රධාන වශයෙන් කරන්න ඔ්නෙ මහජන පීඩනය අඩු කිරීම යි. එමඟින් ජනතාව අතර අපේක්ෂාවන් ඇති වුණා. රජය බොරු පොරොන්දු දීල ජනතාව ගේ බලාපොරොත්තු සුන් කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය පෙරළා දමන්නේ නැහැ. වත්මන් රජය එය තනිවම පෙරළා ගන්නවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න