වරදින හැමවිටම නිලධාරීන් බිල්ලට දී ආණ්ඩුව ඇඟ බේරා ගන්නවා - ජානක වක්කුඹුර

වරදින හැමවිටම නිලධාරීන් බිල්ලට දී ආණ්ඩුව ඇඟ බේරා ගන්නවා - ජානක වක්කුඹුර

ඉංග්‍රීසි භාෂාවට අදාල 6 වන ශ්‍රේණියේ මොඩියුලය සම්බන්ධ ප්‍රශ්නය ආණ්ඩුවට වැරදුන පසු ආණ්ඩුව එය නිලධාරීන් පිට පටවා බේරීමට උත්සාහ දරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ  (02) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

වරද්ද ගන්නේ නැති වැඩ ආණ්ඩුවේ පැත්තට ලබාගෙන එහි වාසිය ලබාගන්නා බවත් වරදින සෑම වැඩක්ම නිලධාරීන් පිට පටවා ආණ්ඩුව ඇඟ බේරා ගැනීමට කටයුතු කරන බවද ජානත වක්කුඹුර ප්‍රකාශ කළේය.

පසුගිය අවුරුද්දක කාලය තුළ ආණ්ඩුව වරද්දා ගත් සෑම සිදුවීමකදීම එහි වගකීම නිලධාරීන් පිට පටවා ඇමතිවරුන් ඇඟ බේරා ගත් බව ඕනෑම කෙනෙකුට වැටහෙන බවද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසුවා.

''දැන්වත් ඉල්ලා අස්වී, කරන්න පුළුවන් කෙනෙකුට භාරදෙන්න''

“මේ ආණ්ඩුව පැමිණි මොහොතේ සිටම මේ පිරිස අධ්‍යාපනය ගැන කතා කළා. 6% ක් අධ්‍යාපනයට වෙන්කරනවා කියලා ප්‍රකාශ කළා. ඒ වගේම අගමැතිතුමිය, ආණ්ඩුව එකතුවී ප්‍රකාශ කර සිටියා මේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා. අන්තිමට එළිදැක්වූ දෙයින් තේරුම් ගියා මේ රටේ ජනතාවට අධ්‍යාපනයට මොකක්ද කළේ කියලා.

6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂාවට අදාලව මොඩියුලය සම්බන්ධ ප්‍රශ්නය දුරදිග ගිය පසු ආණ්ඩුව හදනවා නිලධාරීන් පිටතබලා ඔවුන් බේරෙන්න. මෙයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වන්නේ අධ්‍යාපන ඇමති. එතුමියට තමයි උවමනාව තිබුණේ මේ සියල්ලම කරන්න. දැන් අධ්‍යක්ෂ ජනරාල්තුමියට අගමැති ප්‍රකාශ කර තිබෙනවා තාවකාලිකව ඉල්ලා අස්වෙන්න කියලා.

මෙයට සම්බන්ධ පිරිසක් සිටිනවා, ඒ පිළිබඳව සොයා බලලා අවශ්‍ය කටයුතු සිදුකරන්න ඕන. මේ හැම දෙයක්ම වූ විට CID ට භාර දෙනවා. ශානිට භාරදුන් විට එය විසඳෙනවාද? අධ්‍යාපන ලේකම් කළ යුත්තේ කමිටුවක් පත්කර මෙය විභාග කරලා මේ ප්‍රශ්න විසඳීමයි.

දැන් එක එක වෙලාවට මොවුන් කල්මරණ වැඩකරන්නේ. ඒ නිසා මේ වගකීම අධ්‍යාපන ඇමතිතුමිය භාරගත යුතුයි. ඒ නිසා මෙය වෙනත් කාගේ හෝ පිටින් යවන්න එපා. මිට පෙර අපේ ආණ්ඩු කාලයේ පාසලේ දරුවෙකුගේ ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයක් එළියට ගිය විට ඇමති ඉල්ලා අස්වෙන්න කියලා ප්‍රකාශ කළා. ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කරගන්න බැරි ආණ්ඩුවක් මොකටද කියලා ඇහුව්වා. නමුත් අද ප්‍රශ්න පත්‍රයක්ද මුද්‍රණය කළේ? කිසිදු හොයා බැලීමකින් තොරව පාසැල්වලට මේ පොත් බෙදුවානම් එහි වගකීම ගතයුත්තෙත් අධ්‍යාපන ඇමතිතුමියයි. අපි අගමැතිතුමියට කියා සිටිනවා දැන්වත් ඉල්ලා අස්වී, කරන්න පුළුවන් කෙනෙකුට මෙය භාරදෙන්න.



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න