6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අවුල්සහගත පිටුව ගලවා ඉතිරිය බෙදීමේ යෝජනාවක්

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අවුල්සහගත පිටුව ගලවා ඉතිරිය බෙදීමේ යෝජනාවක්

ආන්දෝලනයට තුඩුදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයේ මොඩියුලය මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 61කට ආසන්න මුදලක් වියදම් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව පවසයි.

එබැවින් එය යළි මුද්‍රණය කරනවාද, නැතිනම් වියදම අවම විකල්ප ක්‍රියාමාර්ගයකට යොමුවනවාද යන්න පිළිබඳ මේ වනවිට අවධානය යොමු වී ඇති බව අප කළ විමසීමකදී අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදි අනුගමනය කළ හැකි එක් විකල්පයක් ලෙස අදාළ මොඩියුලයේ ප්‍රශ්නගත පිටුව ඉවත්කර බෙදාහැරීම කෙරෙහිද අවධානය යොමු වී ඇති බව කලුවැව වැඩිදුරටත් පැවසුවේය.

වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා සකසන ලද මොඩියුලයේ සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නමක් සඳහන් කර තිබීම හේතුවෙන් විවිධ පාර්ශව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සැක සංකා මතු කරමින් සිටී.

නව මොඩියුල් සහිත පොත් මුද්‍රණය සඳහා රුපියල් කෝටි 7ක් වැය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්, පෝසෆ් ස්ටාලින් බීබීසී සිංහල සේවය වෙත පවසා තිබිණ. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න