නවගමුව වෙඩි තැබීම පාතාල ගැටුමක් !

නවගමුව වෙඩි තැබීම පාතාල ගැටුමක් !

නවගමුව කොරතොට මැණික් ආගාර පාර ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක සිටි පුද්ගලයන් තිදෙනකුට කිසියම් කණ්ඩායම් විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් අයකු එම ස්ථානයේදීම මියගොස් වෙඩි වැදුණු තවත් දෙදෙනකු හෝමගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

වෙඩි වැදුණු තරුණයින් තිදෙනා අදාල කුලී නිවසට මීට මාස එකහාමාරකට පමණ පෙර පදිංචියට පැමිණ ඇති බවත් නව වසර උදාවීම නිමිත්තෙන් තිදෙනා සමග මත්පැන් සාදයක් පවත්වන අතරතුර දී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවද පොලිසිය පවසයි.

මෙය යම් පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක් බවට සැක කරන බවත් ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බවත් නවගමුව පොලිසියේ උසස් නිළදාරියෙකු පැවසීය.

අදාල නිවසෙහි නාන කාමරය අසල වෙඩි වැදී මිය ගොස් සිටි තරුණයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර ගෙන නොමැත.

වෙඩි වැදීමෙන් රෝහල් ගත කර ඇත්තේ අම්බලනතොට වාඩියගොඩ සහ දෙමටගොඩ ගැවලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වේ. ඉන් එක් අයෙකුගේ ශරීරයේ උණ්ඩ හතරක් සහ අනෙක් පුද්ගලයාගේ ශරීරයේ එක් උණ්ඩයක් වැදී ඇති බවද පොලිසිය පවසයි,

සිද්ධිය වූ ස්ථානයේ තිබී මිලි මීටර් නවය වර්ගයේ උණ්ඩ කොපු 15 ක් හමු වූ බවද පොලිසිය පවසයි.


(lankadeepa | කේ.බුද්ධික. කුමාරසිරි)



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න