හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා වන විවාදය ලබන 6 වැනිදා පාර්ලිමේන්තුවෙිදි පැවැත්වීමට පක්ෂ නායක හමුවේදී තීන්දු කරනු ලැබීය.
එහෙත් මෙහිදී විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරැන් ගණනාවක් තමන්ට මෙම විවාදයේදී බොහෝ කරුණු කාරණා සාකච්ඡා කිරීමට ඇති බැවින් ආණ්ඩුව විවාදය සඳහා වෙන්කර ඇති පැය දෙකක කාලය දීර්ඝ කරන ලෙස සභා නායක ඇමති බිමල් රත්නායක ගෙන් ඉල්ලා සිටියහ.
රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක, ශානක්යන් රාසමානික්කම්, සහ රවි කරුණානායක ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් මෙම ඉල්ලීම කරන ලද නමුත් සභා නායක බිමල් රත්නායක තරයේම ප්‍රකාශ කලේ වැඩිපුර විනාඩියක්වත් විවාදය සදහා ලබාදී නොහැකිකි බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
