ගාල්ල මහ නගර සභාවේ නාගරික ලේකම්වරිය ඇතුළු රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරිය පෑම හා රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම නගර සභාවේ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරිය ඇතුළු පස්දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල මහෙස්ත්‍රාත් මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ අද (31) නියෝග කළේය.
මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ ජිලිත් නිශාන්ත(එ.ජා.ප), කපිල කොහොඹන්ගේ (එ.ජා.ප), එම්.එම්.යෙෂිර් (ස.ජ.බ,) ප්‍රභාත් සෙනවිරත්න (ස.ජ.බ), හිමාලි චම්පිකා (ශ්‍රි.පො.එ.පෙ) යන මන්ත්‍රිවරුන් සිව් දෙනා සහ මන්ත්‍රිවරිය ඇතුලු පස් දෙනාය.
සැකකාර නාගරික මන්ත්‍රීවරුන් පිරිස ඊයේ පැවති මහ නගර සභාවේ සභාවාරයේදී නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරින් රැඳී සිටින දෙසට වතුර බෝතල්වලින් ප්‍රහාර එල්ල කරමින් පෙර පැවති අයවැය සම්මත කිරීමේ ඡන්ද විමසීමේදී ඇතිවූ ආරවුලකදී නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරීන් ක්‍රියාකළ ආකාරයට විරෝධය පළ කිරීමට හේතුවිය.
ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක එස්.එස්.ජයවිර පොලිස් පරික්ෂකවරුන්වන ඩි.ජී.ආනන්ද.කේ.ජි.ජයසිරි සැරයන් සරත්(6387) යන මහත්වරු පැමිණිල්ල මෙහෙයවන ලද අතර නිතිඥ ප්‍රසිත වල්ම පැමිණිල්ලට සහාය විය.
සැකකරුවන් වෙනුවෙන් කාවින්ද්‍ය ජයවර්ධන,ලිලානන්ද ඩයස්,ජයන්ත ජයවිර,තාරක නානායක්කාර,ඒ.ඩී.සි.දර්ශණ,රනිල් අතපත්තු,හර්ෂණි සිරිමාන්න,රජින්ද්‍ර නාරංගොඩ යන නිතිඥ පිරිසක් පෙනි සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
