අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ගෙන් CIDයට පැමිණිල්ලක්

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ගෙන් CIDයට පැමිණිල්ලක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ දී 6 වසර මොඩියුලේ සඳහන් නොවිය යුතු කරුණක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාලක කළුවැව කියා සිටියේ බාහිර පාර්ශවයක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස මෙවැනි ඇතුළත් කිරීමක් සිදුකර ඇති බවට සැකකරන බව යි. මෙවැනි අකටයුත්තක් සිදුකිරීමට කටයුතු කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් මෙය අවසාන මුද්‍රණය නොවන අතර මෙහි වගකීම අවසානයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුවන බවත් කිසිසේත්ම මෙම ප්‍රකාශනය නීත්‍යානුකූලව සිදුවන්නේ නැති බව ද අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න