මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ පොලීසියට භාර වී ඇත.
සභාපතිවරයා මතුගම සහකාර පොලිස් අධිකාරීවරයා හමුවට මෙලෙස භාර වූ බව අද දෙරණ වාර්තාකරු පැවසී ය.
සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදී තිබුණි
ඊයේ (30) උදෑසන ප්‍රාදේශීය සභාවේ ගොඩනැගිල්ලේ ලේකම්තුමිය රැඳී සිටින කාර්යාලයට පැමිණ සභාපතිවරයා ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘතියක් සම්බන්ධව ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එහිදී සිදුවූ බහින්බස් වීමෙන් අනතුරුව සභාපතිවරයා, මෙම පහරදී ම සිදු කර ඇත. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ලේකම්වරිය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මතුගම වෑත්තෑව රෝහලට ඇතුළ කෙරුණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලේකම්වරිය, මතුගම පොලීසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
