6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය ගැන CIDයට පැමිණිල්ලක් !

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය ගැන CIDයට පැමිණිල්ලක් !

ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කොට මේ වන විට මුද්‍රණය අවසන් කර ඇති, 6 ශ්‍රේණිය ඉංග්‍රිසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳ ව සොයා බැලූ බවත් එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව පවසයි.

එබැවින් වහාම එම මොඩියුලය බෙදාහැරීම අත්හිටුවා මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට අපේක්ෂිත බව ඔහු වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න