නුවරඑළියේ තැපැල් කාර්යාලයේ සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් තිබිය දී තැපැල් බලධාරීන් නුවරඑළිය නගරාධිපති ගේ ප්‍රධානත්වයෙන් නව නිවාඩු නිකේතනයක් සඳහා මුල්ගල තැබීම පසුගිය (28) දින සිදුවූ අතර එයට ප්‍රදේශවාසීන් හා සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන පිරිස් සිය විරෝධතාවය ප්‍රකාශ කළහ.
ඊට ප්‍රධාන ම හේතුව වූයේ අධික වැසි සහිත කාලවල දී නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලයේ වහලයේ ඇති අබලන් තත්ත්වය හේතුවෙන් සිදු වන ජලය කාන්දුවෙන් තැපැල් කාර්යාලය පුරා තෙමෙන පසුබිමක එය පිළිසකර කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන මෙලෙස නව නිවාඩු නිකේතනයක් සඳහා මුල්ගල තැබීම ය.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඓතිහාසික තැපැල් කාර්යාලයේ අඩුපාඩු කිසිවක් පිළිසකර නොකර සංචාරක කර්මාන්තය වෙනුවෙන් කිසිදු යෝජනාවක් සිදු නොකර නිලධාරීන්ගේ සුර සැප පමණක් සිතා නිවාඩු නිකේතනයකට රජය මුදල් වෙන්කර තිබෙන බවයි.
දැනට ද තැපැල් කාර්යාලයේ පිටුපස ප්‍රදේශ නිවාඩු නිකේතනය කිසිදු අඩුපාඩුවක් නැතුව පවතින බැවින් තවත් නිවාඩු නිකේතනයක් කිසිසේත් අවශ්‍ය නොවන බවයි ඔවුන් පවසන්නේ.
ඔවුන් ගේ අදහස වන්නේ නව නිවාඩු නිකේතනය සදහා වෙන් මුදල්වලින් ඓතිහාසික තැපැල් කාර්යාලයේ වහලය පිළිසකර කරන්නේ නම් තවත් සංචාරකයින් ගෙන්වාගත හැකි බවයි. වර්තමානයේ දී වැසි වෙලාවකට තැපැල් කාර්යාල නරඹන්නට පැමිණෙන සංචාරකයන්ට තැපැල් කාර්යාලය තුළ දී පවා කුඩ ඉහළාගෙන සිටිමට සිදුව ඇති බවත්, මේ අලුතෙන් නිවාඩු නිකේතනය ඉදි කිරීමට සුදානම් වන්නේ වන් පසුබිමක යැයි ප්‍රදේශවාසීහ් මෙන් ම සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන පිරිස් පැවසූහ.
නාලක රත්නායක - නුවරඑළිය


