තිස් තුන් කෝටියක් ගිණුමට බැර කරගත් ලොකු පැටී යළි රිමාන්ඩ්

තිස් තුන් කෝටියක් ගිණුමට බැර කරගත් ලොකු පැටී යළි රිමාන්ඩ්

තුස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාලව මුදල් විශුද්ධිකරණ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලොකු පැටී ලබන 19 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (29)  නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ නීති විරෝධී වත්කම් ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුවය.

මෙම සිද්ධියට සම්බන්ධව මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පසුගිය නඩු වාරයේදී ඇප මත මුදා හැර තිබිණ.

නඩුවේ පළමු සැකකරු අද දින Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර, අදාළ නඩුව ලබන 19 වනදා නැවත කැඳවීමට නියමිතව තිබෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න