විපක්ෂ නායකවරයා, ලතා වල්පොළ වෙත අවසන් ගෞරව දක්වයි

විපක්ෂ නායකවරයා, ලතා වල්පොළ වෙත අවසන් ගෞරව දක්වයි

ලතා වල්පොළ මැතිණියගේ හදිසි වියෝව සම්බන්ධයෙන් තමා බලවත් ලෙස කනගාටුවට පත් වන බවත්, ඇගේ වියෝව වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අප අතරින් සමුගත් හෙළයේ ගිත කෝකිලාව වෙත අවසන් ගෞරව දැක්වීමට ගිය අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී මාධ්‍ය වෙ වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

''ලතා වල්පොළ මහත්මිය මෙරට සංගීත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තමාට මෙන්ම අනෙකුත් ගායක ගායිකාවන්ට ද සංගීත ශිල්පීන්ට ද අවවාද අනුශාසනා ලබා දී කුසලතා ඔප් නංවන්න මවක් මෙන් කටයුතු කළා. ඉහළතම මානුෂීය ගුණාංග සපිරි අප රටේ ශ්‍රේෂ්ඨතම කලාකාරියක් ලෙස ලතා වල්පොළ හැඳින්විය හැකි යි. රණසිංහ ප්‍රේමදාස ගේ සමයේ ගම් උදා වැඩසටහන සාර්ථක කර ගැනීමට ද ඇය සහයෝගය ලබා දුන්නා. මෙරට සංගීත ක්ෂේත්‍රයේ සදා නොමැකෙන නාමයක් ඇයට තිබුණා.''

 

saji1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න