නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.
නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය දිනවලදී සම්මුඛ පරීක්ෂණ පවත්වන ලදි. ඒ අනුව ලියාපදිංචිය සඳහා දේශපාලන පක්ෂ 86ක් මෙවර අයදුම්පත් ඉදිරිපත් කර තිබිණි. ඊට අදාළව සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ දේශපාලන පක්ෂ පහක් පමණි.
එම දේශපාලන පක්ෂ පහ ලබන වසරේ (2026) ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මැතිවරණ කොමිෂන් සභාවේ මේ වනවිට ලියාපදිංචි සමස්ත දේශපාලන පක්ෂ සංඛ්‍යාව 80කි.
එම දේශපාලන පක්ෂ අතරින් අටක් අක්‍රිය තත්ත්වයේ පවතින්නේ ඒවායේ ලේකම්වරු නොමැතිවීම හේතුවෙනි. මීට පෙර දේශපාලන පක්ෂ 83ක් ලියාපදිංචිව තිබුණද ඉන් තුනක් තහනම් කර තිබේ.
(aruna | සාලිය කුමාර ගුණසේකර)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
