සෞඛ්‍ය අමාත්‍යවරයා ගේ ප්‍රකාශයට සමාජජාල මාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය

සෞඛ්‍ය අමාත්‍යවරයා ගේ ප්‍රකාශයට සමාජජාල මාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය

ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, "මහජන සෞඛ්‍යයට හානිදායක පුවත් විකාශය කළහොත් විකාශන බලපත්‍ර අවලංගු කරන බවට" සිදුකළ ප්‍රකාශය, නිදහස් මාධ්‍ය කලාවට සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එල්ල කළ බරපතළ තර්ජනයක් බවත්, එම ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ශ්‍රී ලංකා සමාජජාල මාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

අතීතයේ දී ද මෙවැනි මර්දනකාරී නීති සහ ප්‍රකාශ හරහා මාධ්‍යවේදීන්ගේ හඬ යටපත් කිරීමට උත්සාහ කළ පාලකයින්ට ජනතාව විසින් දුන් පිළිතුර අමාත්‍යවරයා සිහි තබා ගත යුතු බවත්, "මහජන සෞඛ්‍යය" යනු රජයේ අසාර්ථකත්වය වසා ගැනීමට භාවිතා කළ හැකි පලිහක් නොවන බව තම සංගමය අවධාරණය කරන බවත්, සෞඛ්‍ය පද්ධතිය නිවැරදි කිරීම වෙනුවට සත්‍ය පවසන මාධ්‍යයට තර්ජනය කිරීම වහාම නතර කරන ලෙස අප රජයට බල කරන බවත්, ඕනෑම මර්දනකාරී ක්‍රියාවකට එරෙහිව සියලු ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ මාධ්‍ය ආයතන ඒකරාශී කරගනිමින් වීදි බැසීමට වුව ද ද සූදානම් යැයි ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නුවන් නිරෝධ ගේ අත්සනින් යුත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

 

සෞඛ් ය අමාත් යවරයා ගේ ප් රකාශයට

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න