දිට්වා සුළි කුණාටුවෙන් හානියටපත් කර්මාන්ත කරුවන් සහ ව්‍යවසායකයින්ගෙන් පොදු ඉල්ලීමක්

දිට්වා සුළි කුණාටුවෙන් හානියටපත් කර්මාන්ත කරුවන් සහ ව්‍යවසායකයින්ගෙන් පොදු ඉල්ලීමක්

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් කර්මාන්ත කරුවන් සහ ව්‍යවසායකයින්ට රජයෙන් සහන ලබා ගැනීමට ලියාපදිංචි වීමට ලබා දී තිබූ කාලය මාසයකින් දීර්ඝ කරන ලෙස විපතට පත්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායක සංගම් රාශියක සාමාජිකයෝ රජයෙන් ඉල්ලීමක් කරයි.

කර්මාන්ත හා ව්‍යාවසායක සංවර්ධන අමාත්‍යංශයේ ලියාපදිංචිවීම සඳහා මෙම මස 16 වෙනිදා දක්වා කාලය ලබා දී තිබූ බවත් එම කාලසීමාව ඇතුලත හානි තක්සේරු කිරීමට හෝ හානිය පිළිබඳව දළ ඇස්තමේන්තුවක් පවා සිදු කර ගැනීමට නොහැකිවී ඇති බැවින් ලියාපදිංචිය මාසයකින් කල් දමන ලෙස ඔව්හු ඉල්ලා සිටිති.

වන්දි ඇස්තමේන්තු කිරීම සහ නැවත නැගී සිටීමට අවශ්‍ය ප්‍රාග්ධන අරමුදල් පිළිබඳව යම් අරමුණක් ගොඩ නගා ගැනීමට විපතට පත්වූවන්ට සහයවීම සඳහා රජයේ නිලධාරීන් මැදිහත් විය යුතුය. ඇතැම් ප්‍රදේශවල රජයේ නිලධාරීන්ද තවමත් සිටින්නේ ඉතා කාර්ය බහුලවය. මේ නිසා රජය ලබා දී තිබූ කාලය ප්‍රමාණවත් නොවන බව විපතට පත්වූවෝ සඳහන් කර සිටිති.

(සටහන | ජේ.මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න