හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ජනවාරි 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.
හිටපු අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දෙසැම්බර් 26 වැනිදා අත්අඩංගුවට ගනු ලැබිය.
ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් පිස්තෝලයක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව කරන විමර්ශනයකදී හිටපු අමාත්‍යවරයා එලෙස අත්අඩංගුවට ගත්බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එදින මාධ්‍යවෙත පැවසීය.
නිත්‍යානුකූලව ලබාදුන් ගිනිඅවියක් අවභාවිත කළ බවට චෝදනා
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත්මාකදුරේ මදූෂ් 2019 වසරේදී මෙරටට රැගෙන එනු ලැබිය..
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී සොයාගත් පිස්තෝලය පිළිබඳ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය යුද හමුදාවට අයත් එකක් බවය.
2019 වසරේදී එම ගිනිඅවිය වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසළ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගෙන තිබිණි.
යුද හමුදාවේ දත්ත සමඟ සොයා බැලීමේදී එය ඩග්ලස් දේවානන්දාගේ ආරක්ෂාව සඳහා නිත්‍යානුකූලව නිකුත් කර තිබූ එකක් බව අනාවරණය වී ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඒ අනුව අදාළ පිස්තෝලය අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

