සූරියකන්ද පොලීසියේ වැඩ තහනම් කළ නිලධාරියාගේ ප්‍රකාශයට පොලීසියෙන් නිවේදනයක්

සූරියකන්ද පොලීසියේ වැඩ තහනම් කළ නිලධාරියාගේ ප්‍රකාශයට පොලීසියෙන් නිවේදනයක්

සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු හා ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.

එමගින් පොලීසිය පෙන්වා දෙනුයේ අදාළ සිදුවීමට අනුව වැඩතහනම් කරන ලද සූරියකන්ද පොලිස් සථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ විසින් ශ්‍රී ලංකා පොලීසිය කෙරෙහි විවේචනාත්මක අදහස් පළ කරමින් විවිධ මාධ්‍යන් වෙත ප්‍රකාශ ලබා දී ඇති බවය.

එම ප්‍රකාශ මගින් අදාළ පොලිස් කොස්තාපල්වරයාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් එම නිලදාරියා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය විසින් කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බවටත් සඳහන් වී ඇතැයිද පොලීසිය පවසයි.

කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධව මෙම පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ විසින් කොළොන්න පොලීසියට සිදුකර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කොළොන්න පොලිස් ස්ථානය මගින් හා ඇඹිලිපිටිය අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.

එමෙන්ම සිද්ධිය සිදුවූ පසුගිය 20 වැනි දින කොළොන්න පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගොස් මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර ඇති බවත් එහිදි නිලධාරියාගේ යතුරුපැදිය සිද්ධිය වූ ස්ථානයේ තිබී පොලිස් භාරයට ගත් බවත් සඳහන් කර ඇති පොලීසිය සිය නිවේදනය මගින් පෙන්වා දෙනුවේ මෙම නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳගේ ප්‍රකාශ හා තවත් දෙදෙනෙකුගේ ප්‍රකාශද පොලීසිය විසින් සටහන් කර ගෙන ඇති බවත් නිලධාරියාට ඇඹිලිපිටිය රෝහල් පොලීසිය මගින් අධිකරණ වෛද්‍ය පෝරමයක්ද නිකුත් කළ බවය.

තවද ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව පහරදීම සිදුකළ බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිද්ධිය වූ බවට පැවසෙන ස්ථානය අසල පදිංචිකරුවන් තිදෙනෙකුගෙන්, නිලධාරියා රෝහලට රැගෙන ගිය පුද්ගලයා ඇතුළු 10 දෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලීසිය මෙමගින් සඳහන් කර ඇත.

සිද්ධිය වූ බවට පැවසෙන ස්ථානය ආසන්නයේ නිවසක තිබූ ආරක්ෂක කැමරාවල වීඩියෝ දර්ශන ලබා ගැනීමට කටයුතු කර ඇති අතර එම නිවැසියාගේද ප්‍රකාශයක් සටහන් කර ඇතැයිද සිය නිවේදනය මගින් පෙන්වා දී ඇති පොලීසිය එමගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය 22 වැනි දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බවත් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබන බවත්ය. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න