ආණ්ඩුව නීති ක්ෂේත්‍රයේ ගහපු ගේම්

ආණ්ඩුව නීති ක්ෂේත්‍රයේ ගහපු ගේම්

පාර්ලිමේන්තුවේ 3/4 ක අධි බලයක් තියානවත්, මේ රටේ යල් පැනපු නීති රීති යාවත්කාලීන කරන්ඩ කිසිම හයියක් නැතුවා වුනත්, මේ ආණ්ඩුව බලේට ආව ගමං නීති ක්ෂේත්‍රයේ එයාලා ගහපු හෙණ ගේම් දෙක තුනක් තිබ්බා.

නන්දන ලියපු නවකතාව

01. තමං බලයට ආව ගමං බටලන්ද වදකයා විදියට අර Nandana Weerarathne ලා නවකතාවක් විදියට ලස්සනට ලියලා තිබ්බ පොතේ කරුණු නීතිමය විදියට ඔප්පු කිරීමට ඇති හැකියාව ගැන පූර්ව දැක්මක් නැතුව, 'අපි ආව ගමං එයාට දෙන්නං ෂොට්ටෙක' වගේ හෙණ සද්දයක් දා ගෙන ඇවිදිං, අන්තිමේට බටලන්ද කොමිෂන් වාර්තාව නීතිපතිට යැව්වට පස්සේ, ඒක හරහා රනිල්ට විරුද්ධව අධි චෝදනා ගොනු කළොත් රාජ්‍ය විරෝධී කැරැල්ලක නිරත වෙමින් සිටි තම තමන් ගේ සාමාජිකයින් කීප දෙනෙක්ට ම බඩු හම්බ වෙන බව තේරුං ගත්තට පස්සේ, කරපු කයිවාරුව හරහා එන්ඩ නියමිතව තිබ්බ දෝෂාරෝපණයෙන් ගැලවෙන්ඩ හිතාන ඒ වෙනකොට රටේ ඡන්ද පදනමෙං සීයෙට එකක්වත් නොතිබී, පාර්ලිමේන්තවේ ආසනයක් පවා නැතුව ගෙදර ගිහිං හිටපු සහ තමන්ට කිසිම දේශපාලනික තර්ජනයක් නොවුණු, අර වළ පයයි ගොඩ පයයි නැතුව උන්න මනුස්සයා ජනාධිති කාලේ කරපු විදේශ ගමනක දී රජයේ මුදල් අවභාවිතා කළා කියලා රිමාන්ඩ් කිරීමට උත්සහා කිරීම සහ ඒ ප්‍රයත්නය අසාර්ථක වීම හරහා ජා.ජ.බ. ට එරෙහිව පොදු විපක්ෂයක් ගොඩ නැගීමට වේදිකාවක් සකස් කර දීම.

දමිළ ඩයස්පෝරාවේ වුවමනාව

02. හුදෙක් දමිළ ඩයස්පෝරාවේ වුවමනාවන් සංතෘප්ත කර දීමේ අරමුණින් හරි හමං විමර්ශනයකින් තොරව හිටපු නාවික හමුදා ප්‍රධානියා අත් අඩංගුවට ගෙන මාස ගාණක් කිසිදු නීතිමය පදනමක් නැතුව රක්ෂිතභාරයේ තබා ගැනීම ගැන තාමත් මෙරට අධිකරණ විසින් පවා යම් විශ්වාසයක් තබා ගෙන සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහාධිකරණ විනිසුරුවරයකු ගේ දැඩි දෝෂ දර්ශනයකට ලක් වීම.

ඔය අවස්ථා කිසිවක දී මං පෙනී හිටියේ රනිල් කියන හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන්වත්, හිටපු නාවික හමුදාපතිවරයා වෙනුවෙන්වත් නෙවෙයි; දේශපාලන වුවමනා එපාකම් පිරි මහ ගන්ඩ හිතාන මෙයාකාරයෙන් නීතිය අවභාවිත කරමින් කටයුතු කරන රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිවය.

හිරු පමණක් ඉතිරි වෙන ගින්න

03. මට නොදිරවනම රූපවාහිනී නාලිකාව හිරු ය. හිරු ඇතුළු ඕනෑම මාධ්‍ය ජාලයක් පාලනය කළ යුත්තේ පවත්නා නීතියට අනුකූලව ය. එවැනි ආයතන පාලනය කිරීමට නිසි ක්‍රමවේදයක් නැති නම්, ඒ සඳහා නියාමනයක් සැකසීම පාර්ලිමේන්තුවේ කාර්‍යයකි. එසේ නොකර ආණ්ඩුවට හිතවත් මාධ්‍යවේදියෝ ටිකක් එකතු වෙලා හරි හමං නීතිමය පදනමක් නැතුව හිරුට එරෙහිව ඇවිළෙවූ මේ ගින්න ද දැවී යන්නේ හිරු පමණක් ඉතුරු කරමින් ය.

 

Wasantha Siri Watagoda

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න