ආණ්ඩුවේ පැවැත්මට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය සමග හිරු මාධ්‍ය ජාලය ඇතුළු මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
ඊට එරෙහිව යමක් කිරීමට ආණ්ඩුවට දැඩි අවශ්‍යතාවක් ඇතැයි ද 'හිරු' මර්දනය පිළිබඳ ගැටලුව මතුවන්නේ එතැනින් බව ද ඔහු පෙන්වාදෙයි.
එහෙත් මාලිමා ආණ්ඩුවට එවැනි මර්දනකාරී තන්ත්‍රයක් පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බව හොඳින් මතකයේ තබාගත යුතු බව ද නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කරයි.
ආණ්ඩුව එවැන්නක් සඳහා උත්සාහ කළත් ඊට අවශ්‍ය ශක්‍යතාව නොමැති නිසා ආණ්ඩුව බැරි වැඩ නොකර සිටිය යුතු බව ද ඔහු අවදාරණය කරයි.
සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කරයි.
වීඩියෝ
සාර්ථක ලෙස ‘හිරු‘ න්‍යාය පත්‍රය මර්දනය කරන්නේ කෙසේද? | නිර්මාල් රංජිත් දේවසිරිගේ විවරණයක්

