ඉන්දියාව බැසිල්ටත් ඩොලර් බිලියන 4ක් දුන්නා - මාලිමාණ්ඩුවට දුන්නේ මිලියන 450යි…!

ඉන්දියාව බැසිල්ටත් ඩොලර් බිලියන 4ක් දුන්නා - මාලිමාණ්ඩුවට දුන්නේ මිලියන 450යි…!

ආපදාව අවස්ථාවේ ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳ ඉන්දියාවට ස්තූතිවන්ත වන බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සඳහන් කළේ ඉන්දීය විදේශ කටයුතු එස්. ජයශංකර් ඇමරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් රැගෙන පසුගියදා දිවයිනට පැමිණි බවයි.

ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ඉන්දියාව අඛණ්ඩව සහයෝගය ලබාදුන් බව පෙන්වා දුන් හෙතෙම බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස කටයුතු කළ සමයේ ඩොලර් බිලියන 4ක ණය පහසුකමක් ලබා දුන් බව ද සිහිපත් කළේය.

කෙසේ වුව ද වර්තමාන ආණ්ඩුවට දරුණු ආපදා තත්ත්වය හමුවේ පවා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබාගැනීමට අසමත්ව ඇති බවත් මෙවර ලැබී ඇත්තේ ඩොලර් මිලියන 350ක ණයක් සහ මිලියන 100ක සහනාධාරයක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න