මේ වන වන විට බස්නාහිර පළාත් සභාව, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සඳහා මැමෝග්‍රෑම් (Mammogram) යන්ත්‍රයක් සහ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල සඳහා සීටී ස්කෑන් (CT Scanner) යන්ත්‍රක් මිලදී ගැනීමට කඩිනමින් කටයුතු සිදු කරමින් පවතී.
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සඳහා මිලදී ගැනීමට අපේක්‍ෂිත මැමෝග්‍රෑම් යන්ත්‍රය සඳහා රුපියල් මිලියන 100ක් සහ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට මිලදී ගැනීමට නියමිත සීටී ස්කෑන් යන්ත්‍රය සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර ඇති; මෙම ගනුදෙනු දෙක සඳහා ම රුපියල් මිලියන 300ක මහජන මුදලක් වැය කිරීමට නියමිතව ඇත.
ඇගයීම් කමිටුවේ විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු නැහැ
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා භාවිතා කරන මැමෝග්‍රෑම් යන්ත්‍රය මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටියේ දී සෞඛ්‍ය ලේකම්වරයා ගේ චක්‍රලේඛ ප්‍රකාරව එම යන්ත්‍රයේ අවසාන භාවිතකරු වන විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු තාක්ෂණික ඇගයීම් කමිටුවට සම්බන්ධ කරගෙන නොමැත. එසේම එම මිලදී ගැනීමේ දී තාක්ෂණික ඇගයීම් කමිටුවට පත් පත්කර සිටි විශේෂඥ වෛද්‍යවරිය ද එම ගනුදෙනුවේ තිබෙන ගැටලු හේතුවෙන් ඉල්ලා අස්වී ඇත.
විශේෂයෙන් ම මැමෝග්‍රෑම් යන්ත්‍රයක් මිලදී ගැනීමේ දී අවධානය යොමු කළ යුතු රෝගී ආරක්ෂාව සහ පරීක්ෂණයේ නිවැරදිභාවයට හේතුවෙන තාක්ෂණික කරුණු තාක්ෂණික පිරිවිතර ලැයිස්තුවට(Technical specification list) ඇතුළත් කර නොමැත. තෝරා ගත් සමාගමකින් යන්ත්‍රය මිලදී ගැනීමට අවශ්‍ය පරිදි මෙම පිරි විතර ලැයිස්තුව සකස් කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
යන්ත්‍රය නඩත්තුව සඳහා වාර්ෂිකව ඉතා විශාල වියදමක්
අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට මිලදී ගැනීමට නියමිත සීටී යන්ත්‍රය සඳහා ද තාක්ෂණික ඇගයීම් කමිටුවට විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු සම්බන්ධ කර ගෙන නොමැති අතර එම යන්ත්‍රය මිලදී ගැනීමේ දී ද තෝරාගත් සමාගම් කිහිපයක් සඳහා ගැළපෙන අයුරින් පිරිවිතර ලැයිස්තුව සකස් කොට ඇති බව වාර්තා වී ඇත. විශේෂයෙන් ම මෙලෙස මිලදී ගැනීමට සූදානම් වන යන්ත්‍රය එම රෝහලේ අවශ්‍යතාවයට වඩා ඉතා ඉහළ යන්ත්‍රයක් වන අතර එම යන්ත්‍රය මිලදී ගැනීමෙන් ඉතා විශාල මුදලක් අනවශ්‍ය ආකාරයෙන් වියදම් වනු ඇත. එසේම එම යන්ත්‍රය නඩත්තුව සඳහා වාර්ෂිකව ඉතා විශාල වියදමක් දැරීමට දැරීමටද සෞඛ්‍ය පද්ධතියට සිදුවනුු ඇත.
වර්ෂය අවසාන වන විට මෙලෙස යන්ත්‍ර මිලදී ගන්නේ ඇයි...?
2023 වර්ෂයේදී ද බස්නාහිර පළාත් සභාව, මේ ආකාරයෙන් මිණුවන්ගොඩ මූලික රෝහල සඳහා විකිරණ යන්ත්‍රයක් මිලදී ගැනීමේ දී රුපියල් ලක්ෂ 345 වැය කළ අතර ඒවකට එම රෝහලට ගැළපෙන යන්ත්‍රයක් මිලදී ගැනීම රුපියල් ලක්ෂ 150 මුදලක් වැය කිරීමෙන් සිදුකළ හැකි බව අප සංගමය විසින් පෙන්වා දෙන ලදී. එලෙස මිලදී ගත් යන්ත්‍රය මේ මොහොතේ ද සම්පූර්ණ ධාරිතාවෙන් පරීක්ෂණ සිදු කිරීමට භාවිතාවට ගෙන නොමැත.
විශේෂයෙන්ම වර්ෂය අවසාන වන විට මෙලෙස යන්ත්‍ර මිලදී ගැනීමේ ගනුදෙනු බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අංශ විසින් කඩිනම් කරන බව පසුගිය කාලය පුරාම අප විසින් නිරීක්ෂණය කර ඇත. කෙසේ නමුත් මීට පෙර සිදුවූ ගනුදෙනු සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොවූ අතර මහජන මුදල් විශාල වශයෙන් නාස්ති කිරීමක් සිදුකොට ඇත.
වරදකරුවන්ට දඬුවම් පමුණවන්න
මේ මොහොතේ බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන මෙම මෙම ගැටලුකාරී ගනුදෙනු සම්බන්ධයෙන් සුවිශේෂී විමර්ශනයක් සිදු කර අදාළ රෝහල්වලට ගැළපෙන, රෝගීන් ගේ පරීක්ෂණ විශ්වාසනීය ආකාරයෙන් සිදුකර ගත හැකි යන්ත්‍ර නිසි සංයුතියකින් යුතු තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කර මිලදී ගැනීම සිදුකරන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ සංගමය ඉල්ලා සිටී. එමෙන්ම මෙම දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් විමර්ශනය කර වරදකරුවන්ට දඬුවම් පමුණවන ලෙස ඉල්ලා සිටී.
(චානක ධර්මවික්‍රම)
සභාපති
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ සංගමය

