කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී ගාස්තු අය කිරීම අත්හිටුවීමට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ ප්‍රදේශයේ අනවශ්‍ය රථවාහන තදබදය අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව, පිටත වටරවුම් මාර්ගයෙන් කටුනායක අධිවේගී මාර්ගයට ඇතුළු වන වාහනවලට සහ කටුනායක අධිවේගී මාර්ගයෙන් පිටත වටරවුම් මාර්ගයට ඇතුළු වන වාහනවලට කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී ගාස්තු ගෙවීම සඳහා නතර නොවී ඉදිරියට යා හැකිය.
නව වැඩපිළිවෙල ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
