සූර්යබල ගබඩාකරණ බැටරි සදහා තිබූ සියයට 46ක බද්ද අහෝසි කිරීම නිසා සිදුවූ වාසිය මෙන්න

සූර්යබල ගබඩාකරණ බැටරි සදහා තිබූ සියයට 46ක බද්ද අහෝසි කිරීම නිසා සිදුවූ වාසිය මෙන්න

සූර්යබල ගබඩාකරණ පද්ධති ආනයනය කිරීමේදී පනවා තිබූ සියයට 46ක ආනයන බද්ධ ඔක්තෝබර් 15 දින සිට ආහෝසි කළ බව ද, ඒ අනුව දැනට ගිවිසුම් ගත මෙගාවොට් 01කට වඩා වැඩි බැටරි ගබඩාකරණ පහසුකම් සඳහා බැටරි ගෙන්වීමේ දී පෙර තිබූ ආනයන බද්ධ නොපැනවෙන බව ද බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.

2026 ජූනි මස වන විට සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය (සූර්ය සහ සුළං) මෙගාවොට් 2695ක ප්‍රමාණයක් ස්ථාපිත කළ බවත් එය 2025-2044 දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අනුව ඉලක්ක කර තිබුණු මෙගාවොට් 1848ට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි බවත් ඒ අනුව මෙම වසරට අදාළ අපේක්ෂිත ඉලක්ක අභිභවා පුනර්නනීය විදුලිබලය නිෂ්පාදනය කර ඇති බවත් ඔහු කියා සිටියේය.

අමාත්‍යවරයා ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යොමු කර තිබූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.

එමෙන්ම ඉදිරි 2026 හා 2027 වසර සඳහා භූමිය මත ඉදිකෙරුණු සූර්ය පැනල හරහා නිෂ්පාදනය කිරීමට ඉලක්ක කර තිබූ ප්‍රමාණයට වඩා පිළිවෙලින් මෙගාවොට් 200ක් සහ 250ක් වැඩියෙන් නිෂ්පාදනය කිරීමට දැනටමත් ගිවිසුම් ගත වී ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.


 (ශාන් මොහොමඩ්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න