අදත් ප්‍රදේශ රැසකට තද වැසි...

අදත් ප්‍රදේශ රැසකට තද වැසි...

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර පවසයි. ,ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කරන ජනතාවගෙන් ඔහු ඉල්ලීමක් කරයි.

මේ අතර, පොල්ගොල්ල,වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ,මොරගහකන්ද,මාදුරුඔය, ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි සහ ජලාශ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ , ඉංජිනේරු ඩී.එම්.ධර්මදාස සඳහන් කළේ, ජලාශ අවට පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 32 ක වාන් දොරටු විවෘත කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සදහන් කළේ, පවතින වර්ෂාවත් සමග එලෙස වාන් දොරටු විවෘත කර ඇති බවයි.

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටුවක් ඊයේ(18) රාත්‍රියේ විවෘත කර තිබේ.

කලා වැවේ වාන් දොරටු දෙක අඩි 06 බැගින් සහ ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 02ක් තව දුරටත් විවෘතයි.

වර්ෂාපතනය හමුවේ මඩකලපු - පොලොන්නරුව ප්‍රධාන මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතිය රාජමහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ සෝමාවතී පුදබිම අවට ප්‍රදේශයද ගංවතුරින් යටවීමේ අවදානමක්ද පවතියි.

මේ අතර නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලටත්, අද(19) දිනයේ මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර සහ වයඹ පළාත් වලටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

මේ අතර ඊයේ පස්වරු 06න් අවසන් වූ ගෙවූණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මහනුවර උඩුදුම්රබර ප්‍රදේශයෙන් වාර්තා විය.

එම අගය මිලිමීටර් 308කි.

මහනුවර පොප්පිටියට මිලිමීටර් 234ක්, නුගතැන්නට මිලිමීටර් 221ක්, කයිකාවලට මිලිමීටර් 218ක් සහ පල්ලෙවෙලට 178ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

රතු නිවේදනය තවදුරටත්

මේ අතර වර්ෂාවත් සමග මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට යළිත් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ, මහනුවර, කුරුණෑගල, නුවරඑළිය,බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න