'ගෝත්‍රික ප්‍රේමය' නම් සිය පළමු කාව්‍ය කෘතියෙන්ම සිය අනන්‍යතාව ගැඹුරු ලෙස සලකුණු කළ කිවිඳියක වන අනෝමා රාජකරුණාගේ දෙවන කවි එකතුව 'හූනා ලැග්ග බාල්කේ' සහෘදගත කිරීම සහ ඒ නිමිත්තෙන් සංවිධානය කළ කවි සැඳෑව දෙසැම්බර් 20 වැනිදා, සෙනසුරාදා සවස 3.00ට ජර්මන් සංස්කෘතික ආයතනයේදී (Goethe - Institut) පැවැත්වේ. වසර 25කට පෙර පළ වූ ඇගේ පළමු කෘතිය වන ගෝත්‍රික ප්‍රේමය දෙවන මුද්‍රණය ද එදින එළිදැක්වීමට නියමිතය.
කවි සැඳෑවේදී, ප්‍රනීත් අබේසුන්දර, බුද්ධදාස ගලප්පත්ති, විවිමරී වැන්ඩර්පූටන්, සුනිල් විජේසිරිවර්ධන, කල්පනා ඇම්බ්‍රෝස්, ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස්, ප්‍රියංවදා පෙරේරා, සුරේඛා සමරසේන, අශෝක හඳගම, ළහිරු කරුණාරත්න, විකුම් ජිතේන්ද්‍ර, අනූෂා සිවලිංගම්, ෆාතිමා ෂානාස්, දීපිකා කොඩිකාරගේ, මුරලිදරන් මයුරන් සිංහල, දෙමළ හා ඉංග්‍රිසි භාෂාවලින් අනෝමාගේ කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කරති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
