මාලිමා මන්ත්‍රීට 'මල්' ප්‍රශ්නයක් !

මාලිමා මන්ත්‍රීට 'මල්' ප්‍රශ්නයක් !

*රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා!

*පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ?

*පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද?

මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටු වෙනවා යයි සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවැසීය,

'' හිටපු විදහල්පතිවරයෙකු වන රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේග පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වන ශාන්ත පද්මකුමාර නැමැති මන්ත්‍රීවරයාට අයත් ඉඩමකින් මල්පැල වගයක් පොලිසිය හොයාගෙන තිබෙනවා. පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුවක කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? යන්න පොලිසිය ප්‍රකාශ කළ යුතුයි.

ඒ වගේම අත්අඩංගුවට ගත්තේ සැබෑම මල්පැල , සමාජයේ කතාවෙන මල්පැල අත්අඩංගුවට ගත්තේ නැති බව පොලිසිය ප්‍රකාශ කරන්න පුලුවන්. ඒ වගේම ඒ සම්බන්ධයෙන් විනයානුකූලව පියවර ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය ප්‍රකාශ කරනවා.

ඒ නිසා ජාතික ජනබලවේග පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වන ශාන්ත පද්මකුමාර සම්බන්ධයෙන් පොලිසිය ගෙන තිබෙන ක්‍රියාමාර්ගය පිළිබඳව සමගි ජනබලවේගය දැන ගන්න කැමැතියි. ඒ වගේම මේ ප්‍රශ්න සහගත මල් වගාව තිබුණේ ඔහුගේ ඉඩමකද ? ඔහු එම මල් වගාව ගැන දැනගෙන සිටියේ නැද්ද ? පිළිබඳව පැහැදිලි කිරිමේ යුතුකමක් ජාතික ජනබලවේග පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වන ශාන්ත පද්මකුමාරටත් තිබෙනවා.

මේ මල් ප්‍රශ්නය පිළිබඳව වහාම රටට පැහැදිලි කරන ලෙස ජාතික ජනබලවේග පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වන ශාන්ත පද්මකුමාරගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වල්පැල වල්පැල ලෙස හඳුනාගැනීමට නොහැකිවුණ පුරවැසියන් කණගාටු විය යුතුයි. මල්පැල වේෂයෙන් වල්පැල ඇවිත්.‘‘


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න